Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

13th October 2016 13:03:00 Hours

තවත් සිවිල් සම්බන්ධිකරණ පාඨමාලාවක් ආරම්භ කෙරේ

මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්‍යක්ෂ මණ්ඩලය විසින් මෙහෙයවනු ලබන තවත් සිවිල් සම්බන්ධිකරණ පාඨමාලාවක් අඟහරුවාදා (11) දින කොළඹ 14 ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකා රෙජිමේන්තු මුලස්ථානයේ දී ආරම්භ කරන ලදි.

ඔක්තෝබර් මස 28 වන දින දක්වා පැවැත්වෙන මෙම පාඨමාලාව සඳහා මේජර් නිලයේ සිට කර්නල් නිලය දක්වා නිලධාරින් 25 දෙනෙකු සහභාගි වූහ.

සිවිල් කටයුතු කළමනාකරණය, සිවිල් සමාජය සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම, අදාල සමාජයන්හි ආගමික, සංස්කෘතික වෙනස්කම් අවබෝධය, සම්ප්‍රදායන් හා ආචාර ධර්ම ආදිය පිළිබඳව නිලධාරීන් තුල දැනුම වර්ධනය කිරීමේ අරමුණින් පැවැත්වෙන 13 වන පාඨමාලාව මෙය වේ.

මෙහි ආරම්භ දේශනය අධ්‍යක්ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික මේජර් ජෙනරාල් ඒ.පි.ද ඉසෙඩ් වික්‍රමරත්න විසින් පැවැත්විය.

අධ්‍යක්ෂ පුහුණු බ්‍රිගේඩියර් ජි.වි. රවිප්‍රිය, අධ්‍යක්ෂ මනෝවිද්‍යාත්මක මෙහෙයුම් බ්‍රිගේඩියර් එම්.ඩි. විජේසුන්දර, ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකා මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් ඩි.ටි. ගමගේ සහ කමාන්ඩෝ රෙජිමේන්තුවේ බලසේනාධිපති ඩි.එම්.යු.ජි. බණ්ඩාර බංඩාර ද මේ අවස්ථාව සඳහා සහභාගි වූහ.

latest Running Sneakers | Nike Air Force 1'07 Essential blanche et or femme - Chaussures Baskets femme - Gov