Skip to main content
Header Block Sinhala
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව
ජාතියේ ආරක්ෂකයා
ENGLISH
தமிழ்
තවදුරටත් සොයන්න
යොමු පෙළගැස්ම
Toggle navigation
මුල් පිටුව
තතු විමසුම
ශ්‍රි ලංකා යුද්ධ හමුදාව
යුද්ධ හමුදාධිපති
යුද්ධ හමුදා ධජය
යුද්ධ හමුදා ගීතය හා ගී පද මාලාව
නිල ඇඳුම් රෙගුලාසි
සේවා රෙගුලාසි
පදක්කම්
යුද්ධ හමුදා රෝහල්
රණවිරු ප්රවීණයන්ගේ පිටුව
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම
අප ගැන
අපගේ ඉතිහාසය
හිටපු යුද්ධ හමුදාධිපතිවරුන්
විශේෂ සබැඳි
සුභසාධන හා පුනරුත්ථාපන වැඩසටහන්
පුහුණුවීම්
පාසල් ඇතුළත්කිරිම්
කොළඹ ආරක්ෂක සමුළුව
1 බලකාය
ආරක්ෂක සේනා මුලස්ථානය - යාපනය
ආරක්ෂක සේනා මුලස්ථානය - වන්නි
ආරක්ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මුලතිව්
ආරක්ෂක සේනා මුලස්ථානය - බටහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මධ්‍යම
පුවත්
මුල් පුවත
උණුසුම් පුවත්
පුවත් විශේෂාංග
සිවිල් යුද්ධ හමුදා සම්බන්ධීකරණ ව්‍යාපෘති
සේවා වනිතා
සුභසාධන
පුහූණු
එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි
ක්‍රීඩා
මාධ්‍ය එකතුව
ඡායාරූප
වීඩියෝ
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ දේශන
පුවත් ලේඛණාගාරය (2009 - 2015)
පුවත් ලේඛණාගාරය(2002 - 2009)
ප්‍රකාශන
E - පුවත්පත
රණවිරුවා සඟරාව
සෙබල සිතුවිලි
සරඹ උපදේශන සංග්‍රහය
මහජන සෞඛ්‍ය බුලටීනය
මිල ගණන් කැඳවීම්
අප හා එක්වන්න
යුද්ධ හමුදා දිවිපෙවෙත
නිලධාරීන් සහ නිලධාරිනියන්
සෙසුනිල සෙබළ සෙබළියන්
අප අමතන්න
01st March 2016 20:39:21 Hours
තවත් රණවිරුවෝ 1136 දෙනෙක් හට ‘විරුසර’ වරප්‍රසාද කාඩ්පත බෝයගනේ දී පිරිනමති
යුද, නාවික, ගුවන්, පොලිස් සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ රණවිරුවන් සහ එම පවුල්වල සාමාජිකයන් වෙත ප්රතිලාභ පිරිනැමෙන ‘විරුසර’ වරප්‍රසාද කාඩ්පත පලාත් මට්ටමින් ප්රදානය කිරීමේ දෙවන අදියරේ තවත් අවස්ථාවක් අඟහරුවාදා (1) දින ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ගරු රුවන් විජේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් කුරුණෑගල බෝයගනේ පිහිටි විජයබාහු පාබල රෙජිමේන්තු මූලස්ථාන පරිශ්‍රයේ දී පැවැත්විනි. එහි දී ආබාධිත රණවිරුවන් සහ දිවි පිදූ රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයන් වෙත ප්රතිලාභ පිරිනැමෙන ‘විරුසර’ වරප්‍රසාද කාඩ්පත බෝයගනේ දී 1136 කු හට බෙදා දුන් අතර, එම අවස්ථාව සඳහා ආරක්ෂක ලේකම් ඉංජිනේරු කරුණාසේන හෙට්ටිආරච්චි මහතා, ආරක්ෂක රාජ්‍ය අමාත්‍යාංශයේ ආරක්ෂක ලේකම් ඒ.පී.ජී කිත්සිරි මහතා, රණවිරු සේවා අධිකාරියේ සභාපතිනි අනෝමා ෆොන්සේකා මහත්මිය, නාවික හමුදාපති, ගුවන් හමුදාපති, අධ්යක්ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික, රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශ නිලධාරීන්, ත්‍රිවිධ හමුදා නිලධාරීන් සහ පොලිස් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමගින් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහභාගි වූහ. එම අවස්ථාවේ ප්‍රධාන ආරාධිත අමුත්තාගේ සම්ප්‍රාප්තියෙන් පසු සම්ප්‍රදායානුකූලව පොල්තෙල් පහන දල්වා උත්සවය ආරම්භ වූ අතර, පිළිගැනීමේ කතාව විජයබාහු පාබල රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් කේ.සී ගුණවර්ධන විසින් සිදු කරනු ලැබීය. මෙම ව්‍යාපෘතිය තවදුරටත් පුළුල් කරමින් ආරක්ෂක සේවා, පොලිස් හා සිවිල් ආරක්ෂක දෙපාර්තෙමේන්තුවේ රණවිරුවන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට වරප්‍රසාද පිරිනැමීම ව්‍යාප්ත කරන බව රණවිරු සේවා අධිකාරියේ සභාපතිනි අනෝමා ෆොන්සේකා මහත්මිය සභාව අමතමින් ප්‍රකාශ කර සිටියාය. මෙම ව්‍යාපෘතියේ ආරම්භය පසුගිය ජනවාරි මස අරලියගහ මන්දිරයේ දී සිදු වූ අතර, එහි දී රණවිරු සේවා අධිකාරියේ ගරු සභාපතිනි අනෝමා ෆොන්සේකා මහත්මිය විසින් ‘විරුසර’ වරප්‍රසාද කාඩ්පත පිළිබඳව විස්තර කරනු ලැබීය. කසුන් කල්හාර විසින් ගායනා කරන ‘සුදු පරෙවියන්ට ඉඩ දෙමු’ තේමා ගීතය දුරකතනවල නව නාදයක් (රිංගින් ටෝන්) ලෙස භාවිතා කිරීම සඳහා ඩයලොග් පුද්ගලික ආයතනය විසින් විශේෂ අනුග්‍රයක් ලෙස මෙහි දී හඳුන්වා දෙනු ලැබීය. රජය සෑම අවස්ථාවකම රණවිරුවන්ගේ හා ඔවුන්ගේ පවුල්වල ගැටළු හා දුක්ගැනවිලි විමසා නිරාකරණය කරදීමට සූදානම්ව සිටින බව ආරක්ෂක ලේකම් ඉංජි. කරුණාසේන හෙට්ටිආරච්චි මහතා පැවසීය. මෙම ව්‍යාපෘතියේ දෙවන අදියර යටතේ ‘විරුසර’ කාඩ්පත් 13,000 ක් ප්රදානය කිරීමට නියමිත අතර, එයින් දිවි පිදූ රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයින් සහ ආබාධිත රණවිරුවන් 1136 දෙනෙකු සඳහා බෝයගනේ දී එම කාඩ්පත පිරිනමන ලදී. රැස්ව සිටි පිරිස අමතමින් කතා කළ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා ප්‍රකාශ කළේ මෙම කාර්යය සාර්ථක කර ගැනීම සඳහා ආරක්ෂක අමාත්‍යාංශයේ සහ රණවිරු සේවා අධිකාරියේ නිලධාරීන් සිදු කළ කැප කිරීමට තමා ස්තූතිවන්ත වන බවයි. දේශය වෙනුවෙන් දිවි පිදූ රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයින් සහ ආබාධිත රණවිරුවන් 1136 දෙනෙකු හට මෙම වරප්‍රසාද කාඩ්පත පිරිනැමීමෙන් අනතුරුව උත්සවය නිමා විය. මෙම කාඩ්පත මගින් වෛද්‍ය, ආහාර ද්‍රව්‍ය, ගමනාගමන පහසුකම්, රෝහල් පහසුකම්, ණය ගනුදෙනු, වෘත්තිය පාඨමාලා ආදිය සහ තවත් පහසුකම් සඳහා දිවයිනේ ප්‍රධාන පෙලේ වාණිජ ආයතන 45 කට අධික ප්‍රමාණයකින් ප්රතිලාභ සහ වට්ටම් ප්රදානය කිරීම සිදු වන අතර, අමිල මෙහෙයක් කළ ආබාධිත රණවිරුවන් ඇතුළු රණවිරුවන් වෙත සමාජයේ ගෞරවාන්විත ප්රමුඛත්වයක් ලබාදීම ද මෙහි තවත් අරමුණකි. අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ආශිර්වාදය මධ්‍යයේ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතාගේ සංකල්පයක් මත රණවිරු සේවා අධිකාරිය විසින් යුද, නාවික, ගුවන්, පොලිස් සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ දිවිපිදූ රණවිරුවන්ගේ පවුල්වලට සහ ආබාධිත රණවිරුවන් ඇතුළු විරුවන් වෙත ‘විරුසර’ වරප්‍රසාද කාඩ්පත ප්රදානය කිරීමේ පළමු අදියරේ උත්සවය අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පසුගිය ජනවාරි මස අරලියගහ මන්දිරයේ දී උත්සවාකාරයෙන් සිදු කෙරිනි. මෙම අවස්ථාව සඳහා නාවික හමුදාපති වයිස් අද්මිරාල් ආර්.සී විජේගුණරත්න, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් ජී.පී බුලත්සිංහල, නියෝජ්‍ය යුද හමුදා මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරාල් සුමේධ පෙරේරා, බටහිර ආරක්ෂක සේනා මූලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ, විජයබාහු පාබල රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් කේ.සී ගුණවර්ධන, ආරක්ෂක අමාත්‍යාංශයේ නිලධාරින්, ත්‍රිවිධ හමුදා, පොලිස්, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු නිලධාරීන් ද සහභාගි වූහ. දිවි පිදූ රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයින් සහ ආබාධිත රණවිරුවන් ඇතුළු ලක්ෂ තුනකට අධික රණවිරුවන් වෙත මෙම ව්‍යාපෘතිය තුලින් එළඹෙන අප්‍රේල් මාසය වන විට අදියර 6 ක් තුල ඉහත හිමිකම් කාඩ්පත ලබාදීමට සැලසුම් කොට ඇත.
Nike Sneakers
|
plain white nike air force ones women high top Colorways, Release Dates, Price , Gov