Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

08th January 2016 21:31:40 Hours

ඩෙංගු මර්ධන වැඩසටහන සඳහා බටහිර ආරක්ෂක සේනා මුලස්ථාන සහාය

යුද හමුදා මුලස්ථානයේ උපදෙස් පරිදි බටහිර ආරක්ෂක සේනා මුලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහගේ මගපෙන්විම මත බටහිර ආරක්ෂක සේනා මුලස්ථානය විසින් පසුගිය බ්‍ර‍ස්පතින්දා දින ජාතික ඩෙංගු මර්ධන වැඩසටහන සඳහා සිය දායකත්වය දක්වන ලදි. ප්‍රාදේශිය වසංගත රෝග වෛද්‍ය නිලධාරීන්ගේ සහ මහජන සෞඛ්‍ය පරික්ෂක නිලධාරින්ගේ සහාය ඇතිව බටහිර ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 14 සහ 58 වන සේනාංකවල සෙබලුන් විසින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන ලදි. ඒ අනුව මෙම වැඩසටහන සඳහා 14 වන සේනාංකයේ නිලධාරින් සහ සෙසු නිලයින් 159 දෙනෙකු කොලොන්නාව, මොරටුව, මහරගම, හෝමාගම, කඩුවෙල, කොට්ටේ, බොරලැස්ගමුව සහ බත්තරමුල්ල යන ස්ථානවල ද, 58 වන සේනාංකයේ එක් නිලධාරියෙකු සහ සෙබලුන් 10 දෙනෙකු කළුතර දිස්ත්‍රික්කයේ බේරුවල ප්‍රදේශයේ ද යොදවා ඇත. එසේම මෙම වැඩසටහන සෙනසුරාදා (09) දින දක්වා දින තුනක් පුරාවට ක්‍රියාත්මක වේ. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික ඩෙංගු මර්ධන මර්ධන ඒකකය ද මෙම ඩෙංගු මර්ධන වැඩසටහන සඳහා සහාය විය.bridgemedia | Sneakers