Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

21st June 2020 06:41:59 Hours

ජීවිතාරක්‍ෂක සේවාවක් සැපයූ දකුණු සුඩානයේ එක්සත් ජාතින්ගේ සාම සාධක රාජකාරි සඳහා යොදවා සිටින ශ්‍රී ලංකා වෛද්‍ය කණ්ඩායම පැසසුමට ලක්වෙයි

ලොවපුරා කොවිඩ්-19 වෛරසය සිඝ්‍රයෙන් පැතිරයාමත් සමඟ ඇතිවී ඇති අභියෝග මධ්‍යයේ දකුණු සුඩානයේ ජොංලෙයි සහ විල් ප්‍රදේශවල (Jonglei and Lakes regions) පසුගියදා ඇතිවූ ගැටුම්වලදී සිදුවූ වෙඩි තැබීම් දෙකකින් තුවාල ලැබූ දකුණු සුඩාන් ජාතිකයින් දෙදෙනෙකුට වෛද්‍ය ප්‍රතිකාර සිදුකර ඔවුන්ගේ ජීවිත බේරාගැනීමට දකුණු සුඩානයේ බෝර් (Bor) ප්‍රදේශයේ එක්සත් ජාතින්ගේ සාම සාධක රාජකාරි සඳහා යොදවා සිටින ශ්‍රී ලංකා වෛද්‍ය කණ්ඩායම සමත්විය.

ඔවුන්ගෙන් එක් අයෙකුගේ පපුවට වෙඩි වැඳී ඇති අතර අනෙක් පූද්ගලයාගේ හිසට වෙඩි වැදී ඇති බැවින් ඔවුන්ට හදිසි ප්‍රතිකාර ලබාදීමට බෝර් රජයේ රෝහලේ එක්ස්-රේ පහසුකම් සහ අනෙකුත් උපකරණ නොමැත නමුත් ඔවුන්ගේ බරපතල තත්ත්වය සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකා වෛද්‍ය කණ්ඩායම ඔවුන් දෙදෙනාගේ ජිවිත බේරාගැනීමට ජීවිතාරක්‍ෂක ප්‍රතිකාර සිදුකළහ.

“දකුණු සුඩානයේ එක්සත් ජාතින්ගේ සාම සාධක රාජකාරී සඳහා යොදවා සිටින ශ්‍රී ලංකා වෛද්‍ය නිලධාරීන්ට මෙම පුද්ගලයින් දෙදෙනාට අවශ්‍ය ප්‍රතිකාර ලබාදීමට හැකි වනු ඇති බව අපි දැන සිටියෙමු” යැයි තුවාල ලැබූවන් සමඟ දකුණු සුඩානයේ එක්සත් ජාතින්ගේ සාම සාධක රෝහලට පැමිණි බෝර් රජයේ රෝහලේ ප්‍රධාන හෙද නිලධාරි අයියෙල් වුර් (Ayuel Wuor) පැවසීය. “කොවිඩ්-19 වෛරසය සිවිල් වැසියන් අතර පැතීරයාම වැළැක්වීම සඳහා දකුණු සුඩානයේ එක්සත් ජාතින්ගේ සාම සාධක කණ්ඩායම හැකි සෑම පියවරක්ම ගන්නා අතරම, අපි සියලුදෙනාගේ ජීවිත ආරක්‍ෂා කරගැනීමට තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරන්නෙමු. ඇත්ත වශයෙන්ම, අප මෙහි පැමිණියේ සිවිල් වැසියන්ගේ ජිවිත ආරක්‍ෂා කරගැනීම සඳහායි” යැයි එක්සත් ජාතීන්ගේ දකුණු සුඩාන මෙහෙයුම් කාර්යාලයේ ප්‍රධානී ඩෙබොරා ග්වෙන් ෂේන් (Deborah Schein) මහත්මිය පැවසීය.

රෝගීන් දෙදෙනාගේම තත්ත්වය මේ වනවිට යහපත් මට්ටමක පවතින අතර ඔවුන්ට සැත්කම් සිදුකිරීමට සඳහා නියම කර ඇත. දකුණු සුඩානයේ බෝර් ප්‍රදේශයේ පිහිටි එක්සත් ජාතින්ගේ සාම සාධක දෙවන මට්ටමේ රෝහල වර්ෂ 2014 සිට මේ දක්වා රෝගීන් 15,000 කට වැඩි පිරිසකට ප්‍රතිකාර සිදුකර ඇති අතර එක්ස්-රේ 2,700 ක් පමණ ලබාගෙන සැත්කම් 300 ක් පමණ සිදු කර ඇත. දකුණු සුඩානයේ එක්සත් ජාතින්ගේ සාම සාධක වෙබ් අඩවියේ 2020 මැයි මස 14 වන දින මැක් සැමුවෙල් (Mach Samuel) විසින් පල කළ පුවතක, කොවිඩ්-19 වෛරසය ලොවපුරා පැතිරයාමත් සමඟ ඇතිවී ඇති අභියෝග මධ්‍යයේ ගැටුම්වලින් පීඩාවට පත් සිවිල් වැසියන් ආරක්‍ෂා කර රට තුළ සාමය ගොඩනැගීම සඳහා සාම සාධක කණ්ඩායම් කටයුතු කරන අතරම ශ්‍රී ලංකා වෛද්‍ය කණ්ඩායම දේශීය ප්‍රජාව වෙනුවෙන් සිදුකරනු ලබන වෛද්‍ය ප්‍රතිකාර පිළිබඳව ද සඳහන් කර ඇත. මෙය දකුණු සුඩාන වැසියන්ට උපකාර කිරීම සඳහා දකුණු සුඩාන එක්සත් ජාතින්ගේ සාම සාධක කණ්ඩායම සිදුකළ කාර්යභාරයේ එක් උදාහරණයක් පමණක් බව, විශේෂයෙන් සෞඛ්‍ය සේවා සැපයීම සම්බන්ධයෙන් වාර්තා පෙන්වා දෙයි.affiliate link trace | Buy online Sneaker for Men