Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

16th August 2016 15:03:36 Hours

ජිනීවා හි එක්සත් ජාතීන්ගේ බ්‍රිතාන්‍ය දුත මණ්ඩලයේ දේශපාලන, මානව හිමිකම් සහ මාධ්‍ය නියෝජ්‍ය ප්‍රධානි යාපනය ආඥාපති හමුවේ

ජිනීවා හි එක්සත් ජාතීන්ගේ බ්‍රිතාන්‍ය දුත මණ්ඩලයේ දේශපාලන, මානව හිමිකම් සහ මාධ්‍ය නියෝජ්‍ය ප්‍රධානි බොබ් ලාස්ට් මහතා, සාමය ගොඩනැංවීම සහ ප්‍රතිසන්ධාන කටයුතු පිළිබඳ පළමු ලේකම් පොල් ග්‍රීන් මහතා, සම්පත් සහ ආරක්ෂක සහායක නිලධාරී ප්‍රියදර්ශිනි තිලේන්ද්‍රන් මිය ඇතුලු පිරිස සඳුදා (15) දින යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් මහේෂ් සේනානායක හමුවිය. මෙම හමුවේ දී යාපනය ආරක්ෂක සේනා ආඥාපති විසින් එම නියෝජිතයින් පිරිස වෙත යාපනය අර්ධද්වීපයේ වත්මන් තත්වය පිළිබඳව දැනුවත් කළ අතර යාපනය ජනතාවගේ ජීවනෝපාය උසස් මට්ටමකට ගෙනඑම සඳහා ක්‍රියාත්මක සංහිඳියාත්මක වැඩසටහන සම්බන්ධයෙන් ද සාකච්ජා කෙරිනි. තවද මෙහිදි හොර බඩු ජාවාරම, මත්ද්‍රව්‍ය ප්‍රවාහනය, මිනිස් ජාවාරම ආදිය වැළැක්වීම වැනි ජාතිය ගොඩනැගීමේ හා ජාතික ආරක්ෂාව සම්බන්ධ කරුණුවලදී හමුදාමය මැදිහත්වීම සම්බන්ධයෙන් ද යාපනය ආරක්ෂක සේනා ආඥාපති විසින් පැහැදිලි කරන ලදි. බොබ් ලාස්ට් මහතාගේ මෙම පලාලි සංචාරය සිහිගන්වනු වස් යාපනය ආරක්ෂක සේනා ආඥාපති විසින් සමරු තිළිණයක් ද පිරිනැමිම ද මෙහිදි සිදු කෙරිනි. එහිදි විශේෂ අමුත්තන් සඳහා වු පොතේහි අත්සන් තැබීමට ද බොබ් ලාස්ට් මහතා අමතක නොකළහ.buy footwear | Nike Shoes