Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

13th March 2020 15:02:29 Hours

ජාතික සමගිය හා සංහිඳියා කාර්යාංශයේ විශේෂඥයින් ජාතික සමගිය පිළිබඳව සිසු සිසුවියන් දැනුවත් කරයි

පූනරින් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පදිංචි අ.පො.ස උසස් පෙළ විභාගය සඳහා පෙනීසිටිමට නියමිත සිසු සිසුවියන්ගේ චිත්ත ධෛර්ය වැඩිදියුණු කිරීමේ මනෝ උපදේශන වැඩමුළුවක් 2020 මාර්තු මස 06 වන දින පැවැත්විණි. පූනරීන් මධ්‍ය මහා විද්‍යාලයේදී පැවැති මෙම වැඩමුළුව 661 වන බලසේනාවේ සිවිල් සම්බන්ධිකරණ අංශය 24 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් සමඟ සම්බන්ධතාවයෙන් සංවිධානය කරන ලද අතර එම වැඩමුළුව 66 වන සේනාංකයේ සේනාකාධිපති මේජර් ජෙනරාල් එම්.ඩි. විජේසුන්දර ගේ අධීක්‍ෂණය යටතේ පැවැත්විණි.

ජාතික සමගිය හා සංහිඳියා කාර්යාංශයේ විශේෂ උපදේශකයින් විසින් පවත්වනු ලැබූ මෙම වැඩමුළුවට පාසල් සිසු සිසුවියන් 105 කට වැඩි පිරිසක් සහභාගි වූහ.

මෙම අවස්ථාවට සහභාගී වූ විදුහල්පතිවරුන්, ගුරුවරුන් සහ සිසු සිසුවියන් වැඩමුළුව බෙහෙවින් අගය කළහ. url clone | 【国内4月24日発売予定】ナイキ ウィメンズ エア アクア リフト 全2色 - スニーカーウォーズ