Skip to main content
Header Block Sinhala
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව
ජාතියේ ආරක්ෂකයා
ENGLISH
தமிழ்
තවදුරටත් සොයන්න
යොමු පෙළගැස්ම
Toggle navigation
මුල් පිටුව
තතු විමසුම
ශ්‍රි ලංකා යුද්ධ හමුදාව
යුද්ධ හමුදාධිපති
යුද්ධ හමුදා ධජය
යුද්ධ හමුදා ගීතය හා ගී පද මාලාව
නිල ඇඳුම් රෙගුලාසි
සේවා රෙගුලාසි
පදක්කම්
යුද්ධ හමුදා රෝහල්
රණවිරු ප්රවීණයන්ගේ පිටුව
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම
අප ගැන
අපගේ ඉතිහාසය
හිටපු යුද්ධ හමුදාධිපතිවරුන්
විශේෂ සබැඳි
සුභසාධන හා පුනරුත්ථාපන වැඩසටහන්
පුහුණුවීම්
පාසල් ඇතුළත්කිරිම්
කොළඹ ආරක්ෂක සමුළුව
1 බලකාය
ආරක්ෂක සේනා මුලස්ථානය - යාපනය
ආරක්ෂක සේනා මුලස්ථානය - වන්නි
ආරක්ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මුලතිව්
ආරක්ෂක සේනා මුලස්ථානය - බටහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මධ්‍යම
පුවත්
මුල් පුවත
උණුසුම් පුවත්
පුවත් විශේෂාංග
සිවිල් යුද්ධ හමුදා සම්බන්ධීකරණ ව්‍යාපෘති
සේවා වනිතා
සුභසාධන
පුහූණු
එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි
ක්‍රීඩා
මාධ්‍ය එකතුව
ඡායාරූප
වීඩියෝ
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ දේශන
පුවත් ලේඛණාගාරය (2009 - 2015)
පුවත් ලේඛණාගාරය(2002 - 2009)
ප්‍රකාශන
E - පුවත්පත
රණවිරුවා සඟරාව
සෙබල සිතුවිලි
සරඹ උපදේශන සංග්‍රහය
මහජන සෞඛ්‍ය බුලටීනය
මිල ගණන් කැඳවීම්
අප හා එක්වන්න
යුද්ධ හමුදා දිවිපෙවෙත
නිලධාරීන් සහ නිලධාරිනියන්
සෙසුනිල සෙබළ සෙබළියන්
අප අමතන්න
11th June 2016 15:36:58 Hours
ජාතික ලේඛනාරක්ෂක දේපාර්තමේන්තු විසින් ලේඛන සංරක්ෂණය පිළිබඳව යුද හමුදා භට පිරිස් දැනුවත් කරයි
ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවෙහි ජාත්‍යන්තර ලේඛනාරක්ෂක දිනයට සමගාමිව සිකුරාදා (10) දින කොළඹ 07 පිහිටි එම දෙපාර්තමේන්තු ශ්‍රවනාගාරයේදී යුද හමුදා භට පිරිස් සඳහා පවත්වනු ලැබූ ලේඛනාරක්ෂක නීතිය පිළිබඳව එක් දින වැඩමුළුව සඳහා යුද හමුදා නිලධාරීන් සහ සෙසු නිලයින් 200 දෙනෙකු සහභාගි වූහ. යුද හමුදාපතිතුමාගේ යෝජනාවකට අනුව ක්‍රියාත්මක වූ පිරිස් පරිපාලන අධ්‍යක්ෂ මණ්ඩලය විසින් කළ ඉල්ලීමකට අනුව යුද හමුදා භට පිරිස් සඳහා මෙම පුහුණු වැඩමුළුව පවත්වනු ලැබීය. ශ්‍රී ලංකා යුද හමුදාව ශාඛා, අධ්‍යක්ෂ මණ්ඩල, ආරක්ෂක සේනා මූලස්ථාන, බලසේනා, රෙජිමේන්තු මධ්‍යස්ථාන මෙන්ම නිත්‍ය සහ ස්වේච්ඡා ඒකක විශාල සංඛ්‍යාවකින් ස්ථාපනය වී ඇති අතර, එම සෑම අංශයකම ලේඛනාගාරයක් ආරම්භ කරමින් යුද හමුදාවේ භාවිතා කරනු ලැබූ ලියකියවිලි නිසි කළමණාකරනයෙන් යුතුව විධිමත් ලෙස පවත්වාගෙන යාම මෙන්ම කාලය කළමණාකරනය කිරීම පිළිබඳව දැනුම ලබා දීමේ අරමුණින් එම වැඩමුළුව පවත්වනු ලැබීය. සිකුරාදා පැවති එම වැඩමුළුවෙහි ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවෙහි ජාතික ලේඛනාගාර අධ්‍යක්ෂක ආචාර්ය සරෝජා වෙත්තසිංහ මිය, සහකාර අධ්‍යක්ෂ දිලිනි ඇන්තනී ලියනගේ මිය, සහකාර අධ්‍යක්ෂ චමිලා ප්‍රියංගනී මිය, සහකාර ලේඛනාරක්ෂක ජෝෂප් පැට්‍රික් පීරිස් මහතා දේශන පැවැත් වූ අතර, ශිරානි පටබැදිගේ මෙනවිය, මධුශානී ප්‍රියර්ශනී මෙනවිය සහ අයේෂා රසිකාංගනී මෙනවිය විසින් යුද හමුදාවේ සහයෝගයෙන් මෙම වැඩමුළුවෙහි සම්බන්ධීකරණ කටයුතු සිදු කරනු ලැබීය. එම වැඩමුළුවෙහි සමාරම්භක අවස්ථාව සඳහා යුද හමුදා මූලස්ථාන පිරිස් පරිපාලන අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් ඒ.එල්.එස්.කේ පෙරේරා සහභාගි විය.
Running Sneakers Store
|
Air Jordan