Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

22nd May 2019 13:25:22 Hours

ජාතික රණවිරු දිනයට සමගාමීව කිලිනොච්චි යුද්ධ හමුදා සාමාජිකයින් කිලිනොච්චි ප්‍රදේශයේ යුද්ධයෙන් විපතටපත්වු සිවිල් වැසියන් හට සෙත් පතයි

කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ජී.වී. රවිප්‍රිය ගේ උපදෙස් මත ජාතික රණවිරු අණුස්මරණ දිනයට සමඟාමීව යුද්ධයේදී විපතට පත්වුවන් උදෙසා භාරතීපුරම්හි බැප්ටිස්ට් පල්ලියේ ආගමික වැඩසටහන් කිහිපයක් සංවිධානය කරනු ලැබිණි. 57 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් ඒ.එස්. හේවාවිතාරණ ගේ මඟපෙන්වීම මත 571 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් නජීව එදිරිසිංහ විසින් සංවිධානය කරනු ලැබු මෙම වැඩසටහන 9 වන විජයභාහු පාබල හමුදා රෙජිමේන්තුවේ යුද්ධ හමුදා සාමාජිකයින් ගේ සහභාගීත්වයෙන් සදුදා (19) දින පැවැත්විණි.

මෙම අවස්ථාව සඳහා කිළිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන්, 57 වන සේනාංකයේ සේනාංකාධිපතිතුමන්, 571 වන බලසේනාවේ බලසේනාධිපති ඇතුළු නිළධාරීන් 11 දෙනෙකු සහ යුද්ධ හමුදා සාමාජිකයින් 51 දෙනෙකුන් මෙන්ම එම ප්‍රදේශයේ සිවිල් වැසියන් 162 දෙනෙකුන් ද සහභාගී වුහ.

එමෙන්ම, 1 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව විසින් යුද්ධයේදී විපතට පත්වු සිවිල් වැසියන් අනුස්මරණය කිරිමේ විශේෂ ආගමික වැඩසටහනක් ඉරිදා (18) දින කුරක්කන්කඩ්ඩු පුල්ලෙයාර් කෝවිලේදි පැවැත්විය. එම අවස්ථාව සඳහා 573 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් ආර්.ඒ.ජේ.එන්. රණසිංහ සහ 1 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ අණදෙන නිළධාරී ඇතුළු යුද්ධ හමුදා සාමාජිකයින් 40 ක් මෙන්ම එම ප්‍රදේශයේ සිවිල් වැසියන් 70 ක් සහභාගී වූහ.

571 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් නජීව එදිරිසිංහ ගේ අධීක්‍ෂණය යටතේ 7 වන ශ්‍රි ලංකා පාබල හමුදා රෙජිමේන්තුවේ යුද්ධ හමුදා සාමාජිකයින් කිලිනොච්චිය ප්‍රදේශයේදී මානුෂීය මෙහෙයුම්වලදී මිය ගිය රණවිරුවන් අණුස්මරණය කිරිමේ උත්සවයක් ජුම්මා මුස්ලිම් පල්ලියේදි සිකුරාදා (17) දින සන්ධ්‍යාවේ පැවැත්විය. එම අවස්ථාවේදී කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන්, 57 වන සේනාංකයේ සේනාංකාධිපති, 571 වන බලසේනාවේ බලසේනාධිපති ඇතුළු නිළධාරී 11 දෙනෙකු සහ යුද්ධ හමුදා සාමාජිකයින් 60 දෙනෙකු මෙන්ම එම ප්‍රදේශයේ මුස්ලිම් සිවිල් වැසියන් 130 කට ආසන්න පිරිසක් ආගමික වතාවත්වල නිරත වූහ. Adidas shoes | nike air force 1 shadow , eBay