Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

15th May 2024 18:32:21 Hours

ජාතික බේස්බෝල් සුපර් ලීග් - 2024 තරඟාවලියේ ජය ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට

දියගම බේස්බෝල් ක්‍රීඩා පිටියේදී 2024 මැයි මස 11 දින පැවති ජාතික බේස්බෝල් සුපර් ලීග් - 2024 තරඟාවලියේදී ශ්‍රී ලංකා යුද්ධ හමුදා බේස්බෝල් කණ්ඩායම ලකුණු 4 ට 3 ක් ලෙස ශ්‍රී ලංකා නාවික හමුදා කණ්ඩායම පරදවා ශූරතාවය හිමකර ගන්නා ලදී.

යුද්ධ හමුදා බේස්බෝල් කමිටුවේ සභාපති සහ 24 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.එල්.ඒ.සී පෙරේරා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ගේ මගපෙන්වීම යටතේ විශේෂ තෙමසක පුහුණුවකින් අනතුරුව යුද්ධ හමුදා බේස්බෝල් කණ්ඩායම 2024 මාර්තු මස 09 දින ආරම්භ වූ තරඟාවලියට සහභාගී වූයේය.

යුද්ධ හමුදා බේස්බෝල් කණ්ඩායම ශූරයන් බවට පත්වූ අතර මාණ්ඩලික සැරයන් පී.එම්.බී.අයි. කෝසල තරගාවලියේ වටිනාම ක්‍රීඩකයා ලෙස සම්මාන දිනාගත් අතර කෝප්‍රල් එම්.එන්. ශ්‍රියාරත්න දක්‍ෂතම පිතිකරුවා සම්මානය දිනාගත්තේය. මෙම තරඟාවලිය නැරඹීමට ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයන් පිරිසක් සහභාගී වූහ.