15th April 2023 19:29:24 Hours
ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ නියෝජිත කණ්ඩායමක් විසින් ජාතික තරුණ සේවා සභාවේ සභාපති සහ අධ්යක්ෂවරුන් ඇතුළු නිලධාරීන් 65 දෙනෙකු සඳහා ‘පුද්ගල ධාරිතා වර්ධනය, නායකත්වය හා කළමණාරන කුසලතා වැඩි දියුණු කිරීම’ යන තේමාව යටතේ තෙදින වැඩමුළුවක් අප්‍රේල් මස 05 දින සිට 07 දින දක්වා දියතලාව, ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලකා පුහුණු පාසලේදී පවත්වනු ලැබීය.
ජාතික තරුණ සේවා සභාව සිදුකරනු ලැබූ ඉල්ලීමකට අනුව යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ගේ උපදෙස් මත අධ්යක්ෂ ජෙනරාල් විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු මේජර් ජෙනරල් රන්ජන් ජයසේකර මෙම පුහුණු වැඩසටහන පැවැත්වීමට මූලිකත්වය ගෙන කටයුතු කරන ලදී.
පුහුණු වැඩසටහන පැවැත්වීෙම් මූලික අරමුණ වූයේ ජාතික තරුණ සේවා සභාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ පුද්ගල ධාරිතා වර්ධනය, නායකත්වය හා කළමනාරණ කුසලතා වැඩි දියුණු කිරීමයි. ශ්‍රී ලංකීය තරුණ පරපුරට ස්වාධීන, කාර්යක්ෂම, ඵලදායී සහ ක්‍රියාශීලී පුරවැසියන් වශයෙන් ඔවුන්ගේ පුද්ගලික සහ වෘත්තීය කුසලතා වර්ධනය කර ගැනීමට සහාය වීමේ වගකීම එම ජාතික තරුණ සේවා සභාවේ නිලධාරීන්ට පැවරී ඇති කාර්ය භාර්ය වේ. එම වැඩ සටහනේදී ඉලක්ක සහ අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා එම සංවිධානයේ කටයුතු මෙහෙයවීම පිළිබඳව අධ්‍යනය කිරීම සිදු විය.
ජාතික තරුණ සේවා සභාවේ සභාපති පසිඳු ගුණරත්න මහතා ඇතුළු සියලුම ජ්‍යෙෂ්ඨ අධ්යක්ෂවරු මෙම පුහුණු සැසිවාරයට සහභාගී වූ අතර, එහිදී ඔවුන් මුහුණ දෙන අභියෝගයන්ට සාර්ථකව මුහුණ දී ඒවා සාර්ථකව නිරාකරණය කරගැනීම, සහභාගීවූ නිලධාරීන්ගේ අදහස් සහ අත්දැකීම් බෙදාගනිමින් අභිප්‍රේරණය පිළිබඳ වූ පුහුණු සැසියක් ද මෙම වැඩමුළුවට ඇතුළත් විය.
පුහුණු සැසියේ අවසන් දින ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ගරු. ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා ද ජාතික තරුණ සේවා සභාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමඟින් සිය අත්දැකීම් සහ අදහස් හුවමාරුකර ගත්තේය.
පුහුණු වැඩමුළුව සඳහා අධ්යක්ෂ ජෙනරාල් විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු මේජර් ජෙනරල් ජේ.ඒ.ආර්.එස්.කේ ජයසේකර යූඑස්පී පීඑස්සී, විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු අධ්යක්ෂ මණ්ඩලයේ මාණ්ඩලික නිලධාරි 1 ලුතිනන් කර්නල් ජේ.පී.පී.පී මුතුමාල එල්එස්සී සහ 5 වන විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ අණදෙන නිලධාරී මේජර් කේ.පී.සී ප්‍රනාන්දු යූඑස්පී පීඑස්සී එල්එස්සී සහයෝගය ලබාදුන්හ.
දියතලාව ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලකා පුහුණු පාසලේ සේනාවිධායක කර්නල් ජේ. ඒ. ජේ ජයරත්න කේඑස්පී සහ එහි කාර්යය මණ්ඩලය පුහුණු වැඩමුළුව සඳහා අවශ්‍ය සියලු පහසුකම් ලබා දෙන ලදී.