08th May 2024 17:13:16 Hours
ශ්‍රී ලංකා කරාතේ දෝ සම්මේලනය මගින් සංවිධානය කරන ලද ජාතික කරාතේ ශූරතාවලිය 2024 අප්‍රේල් මස 27 සිට සිට 29 දින දක්වා බණ්ඩාරගම ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. ශ්‍රී ලංකා යුද්ධ හමුදා කරාතේ කමිටුවේ සභාපති මේජර් ජෙනරල් එස්.ඩබ්ලිව්.එම් ප්‍රනාන්දු ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීසී පීඑස්සී ගේ උපදෙස් මත යුද්ධ හමුදා ක්‍රීඩකයින් මෙම තරඟාවලියට සහභාගී වූහ.
මෙම තරඟාවලියේදී යුද්ධ හමුදා ක්‍රීඩකයින් විවිධ කාණ්ඩ ඔස්සේ රන් පදක්කම් 08ක්, රිදී පදක්කම් 05ක් සහ ලෝකඩ පදක්කම් 15ක් දිනාගනිමින් සුවිශේෂී දස්කම් දැක්වූහ.