Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

05th July 2023 13:48:12 Hours

ජාතික ආරක්‍ෂක විද්‍යාලයේ නව සේනාවිධායක යුද්ධ හමුදාධිපතිතුමන් හමුවෙයි

ජාතික ආරක්‍ෂක විද්‍යාලයේ නව සේනාවිධායක වශයෙන් ධූරයේ රාජකාරි භාරගන්නා ලද මේජර් ජෙනරල් ඩී.ජී.එස් සෙනරත් යාපා (විශ්‍රාමික) ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පසුගිය අඟහරුවාදා (ජුලි මස 04) දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ හමුවිය.

සුහද හමුව අතරතුර, පරිපාලන කටයුතු සම්බන්ධව සහ ජාත්‍යන්තර පිළිගැනීමේ ආයතනයක් ලෙස ජාතික ආරක්‍ෂක විද්‍යාලය තවදුරටත් සංවර්ධනය කිරීමේ අවශ්‍යතාවය පිළිබඳව සාකච්ඡා කළේය. මෙහිදි මේජර් ජෙනරල් ඩී.ජී.එස් සෙනරත් යාපා (විශ්‍රාමික) ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ විසින් යුද්ධ හමුදාපතිතුමන් ලබාදෙන අඛණ්ඩ සහයෝගය වෙනුවෙන් සිය කෘතවේදීත්වය පුද කළ අතර, ජාතික ආරක්‍ෂක විද්‍යාලයේ ඉදිරි කටයුතු වලදීද යුද්ධ හමුදාවේ සහයෝගය බලාපොරොත්තු වන බව හෙතෙම සඳහන් කරන ලදී.

සුහඳ හමුව අවසානයේදී යුද්ධ හමුදාධිපතිතුමන් සහ ජාතික ආරක්‍ෂක විද්‍යාලයේ නව සේනාවිධායකතුමන් අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කළේය.

මේජර් ජෙනරල් ඩී.ජී.එස් සෙනරත් යාපා (විශ්‍රාමික) ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ 2023 මාර්තු මස 16 වන දින ජාතික ආරක්‍ෂක විද්‍යාලයේ කාර්යයේ නියුතු සේනාවිධායක ලෙස පත් කරන ලද අතර, පසුව 2023 ජුනි මස 02 වන දින යුද්ධ හමුදාවෙන් විශ්‍රාම ගැනීමෙන් පසුව සේනාවිධායක ලෙස පත් කරන ලදී . යුද්ධ හමුදාවෙන් විශ්‍රාම ගැනීමට පෙර එතුමන් යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී ලෙස කටයුතු කළේය.