Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

03rd July 2017 20:59:18 Hours

ජාතික ආරක්ෂක බලමුළුවේ ‘වර්ණ රාත්‍රිය’

ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ සාමාජිකයින්ගේ ක්‍රීඩා කුසලතාවයන් ඇගයිම වෙනුවෙන් වර්ණ ප්‍රදාන උත්සවය ජූනි මස 29 සහ 30 යන දිනයන්හි කුරුණෑගල වයඹ පලාත් සභා ශ්‍රවණාගාරයේ දී පවත්වනු ලැබීය.

ජාතික ආරක්ෂක බලමුළුව මඟින් යුද්ධ හමුදාව වෙත දක්ෂ ක්‍රීඩකයින් රැසක් බිහිකර ඇති අතර, මෙම වර්ණ රාත්‍රියේ දී සේවයේ යෙදී සිටින සහ විශ්‍රාමික ක්‍රීඩකයින් ඇගයීමට ලක් කිරීම සිදු කරන ලදි.

මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වූ ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් පියල් වික්‍රමරත්න පිළිගැනීම ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ මධ්‍යස්ථාන සේනාවිධායක ඇතුලු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් සිදු කෙරිණි.

යුද්ධ හමුදා සංස්කෘතික කණ්ඩායමේ සංස්කෘතික සහ සංගීතමය අංගයන්ගෙන් වර්ණවත් වූ මෙම රාත්‍රියේ දී, යුද්ධ හමුදා මට්ටමින්, ආරක්ෂක සේවා, ජාතික හා ජාත්‍යන්තර මට්ටමින් දක්ෂතා දැක් වූ ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ නිලධාරීන් සහ සෙසු නිලයින් 295 ක් (සේවයේ නියුතු සහ විශ්‍රාමික) සඳහා වර්ණ ප්‍රදානය කරන ලද අතර, මෙම උත්සවයේ අවසන් අංගය ලෙස පසුගිය වසර කිහිපයක දී මව්බිම නියෝජනය කරමින් දක්ෂතා දැක් වූ ජාතික ආරක්ෂක බලමුළුවේ සාමාජිකයින් 17 දෙනෙකු වෙත ප්‍රධාන ආරාධිත අමුත්තා විසින් වර්ණ ප්‍රදානය කරන ලදි.

හිටපු රෙජිමේන්තු අධිපතිවරුන්, ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ කවුන්සිල සාමාජිකයින්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, සෙසු නිලයින් සහ පවුල්වල සාමාජිකයින් ද මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.

යුද්ධ හමුදා ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් රෝහණ බණ්ඩාර, යුද්ධ හමුදා භකාස විද්‍යාලයේ සේනාවිධායක බ්‍රිගේඩියර් එච්.ජි.අයි.විද්‍යානන්ද, විජයබාහු පාබල රෙජිමේන්තුවේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් ඩබ්ලිව්.එස්. ආරියසිංහ මෙම උත්සවයට ආරාධිතයන් ලෙස සහභාගි විය.

ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුවේ හිටපු රෙජිමේන්තු අධිපතිවරුන් වන (විශ්‍රාමික) මේජර් ජෙනරාල් ජි.වි.ඩි.යු.ඒ. පෙරේරා, (විශ්‍රාමික) මේජර් ජෙනරාල් ඒ.සි. ඔබේසේකර, (විශ්‍රාමික) මේජර් ජෙනරාල් ඒ.එම්.බි. වික්‍රමසිංහ (විශ්‍රාමික) සහ බ්‍රිගේඩියර් එල්.කේ.බි. ලාල් විරකෝන් ඇතුළු ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුවේ හිටපු මධ්‍යස්ථාන සේනාවිධායකවරුන් වන බ්‍රිගේඩියර් ජේ.වි. සිරිවර්ධන, බ්‍රිගේඩියර් එන්. බර්ට්‍රම් සහ බ්‍රිගේඩියර් ජි.එම්.එල්. චන්ද්‍රසිරි, ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුවේ කවුන්සිලයේ සාමාජිකයින් ද මෙම අවස්ථාවට සහභාගි වුහ.

Nike sneakers | Entrainement Nike