Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

28th July 2023 19:24:14 Hours

ජ්‍යෙෂ්ඨ අණදෙන්නන්ගේ පාඨමාලාව අංක - 8 හදාරනු ලබන ශිෂ්‍ය නිලධාරින් ක්ෂේත්‍ර සංචාරයක

බුත්තල, යුද්ධ හමුදා යුද විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ අණදෙන්නන්ගේ පාඨමාලාව අංක - 8 හදාරනු ලබන ශිෂ්‍ය නිලධාරින් ජුලි මස 10 සිට 12 දින දක්වා කාලය තුළ කොළඹ ප්‍රදේශයේ පිහිටි ශ්‍රී ලංකා යුද්ධ, නාවික හා ගුවන් හමුදා ආයතනයන්හි සංචාරයක නිරත වූහ. එම ආයතනයන් විසින් සිදුකරනු ලබන ක්‍රියාකාරකම් පිළිබඳ දැනුම ප්‍රවර්ධනය කරවීමේ අරමුණින් මෙම සංචාරය සිදුකෙරිණි.

මෙම සංචාරයේ පළමු දිනයේදී යුද්ධ හමුදා මූලස්ථානය වෙත සපැමිණී බුත්තල යුද්ධ හමුදා යුද විද්‍යාලයේ නිලධාරින් පිරිස යුද්ධ හමුදා මූලස්ථානයේ සේවයේ නියුතු ජ්‍යෙෂ්ඨ නිලධාරින් සමඟින් සමූහ ඡායාරූපයකට ද පෙනී සිටියේය.

පසු දින, බටහිර නාවික විධානයේ සංචාරයක නිරත වූ ශිෂ්‍ය නිලධාරීන් නාවික කටයුතු සහ ශ්‍රී ලංකා නාවික හමුදාවේ ක්‍රියාකාරකම් පිළිබඳ දැනුවත් කරනු ලබන අධ්‍යාපනික සැසියකට සහභාගි වූහ. පසුව, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වෙත ගොස් ස්වභාවික විපත් කළමනාකරණයේ කේන්ද්‍රස්ථානය වන එම මධ්‍යස්ථානයේ සිදුකරන මෙහෙයුම් සහ එම තත්ත්වයන්හිදී කඩිනම් ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීම පිළිබඳවද දැනුම්වත් වූහ.

සංචාරයේ දෙවන දිනය සමාප්තියේ රත්මලාන ගුවන් හමුදා කඳවුරේ සංචාරය කරමින් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ මෙහෙයුම් සහ ක්‍රියාකාරකම් නිරීක්‍ෂණය කළ ශිෂ්‍ය නිලධාරින් ගුවන් හමුදාවේ මෙහෙයුම් සහ පරිපාලන කටයුතු ක්‍රියාත්මක කිරීම පිළිබඳ දැනුමද වර්ධනය කරගත්හ.

මෙම සංචාරය සඳහා යුද්ධ හමුදා යුද විද්‍යාලයේ සේනාවිධායක බ්‍රිගේඩියර් යූ.කේ.ඩී.ඩී.පී. උඩුගම ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී පීඑස්සී, ප්‍රධාන උපදේශක ඇතුළු කාර්යය මණ්ඩලය සහ ජ්‍යෙෂ්ඨ අණදෙන්නන්ගේ පාඨමාලා අංක 08 හි සියලුම ශිෂ්‍ය නිලධාරින් සහභාගී වූහ.