Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

22nd August 2023 22:12:45 Hours

ගුවන් සංග්‍රාමික පුහුණු පාඨමාලා අංක 26 සාර්ථකව අවසන්

නිකවැව ගුවන් සංග්‍රාමික පුහුණු පාසල වෙතින් පවත්වන ලද ගුවන් සංග්‍රාමික පුහුණු පාඨමාලා අංක 26 සාර්ථකව හදාරන ලද භටපිරිස්, විසිර යාමේ උත්සවය පසුගියදා පැවති අතර, එම උත්සව අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 1 බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් එස්.බී අමුණුගම ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ සහභාගී විය.

මාස තුනක කාලයක් පැවති මෙම පාඨමාලාව සඳහා නිලධාරීන් 05 දෙනෙකු සහ සෙසු නිලයින් 217 දෙනෙකු සහභාගී වූ අතර, පාඨමාලාවේ දක්‍ෂතම ශිෂ්‍යයා ලෙස 1 විජයබාහු පාබල රෙජිමේන්තුවේ මේජර් කේ.ජී.ජේ කරුණාරත්න සහ හොඳම ශාරීරික යෝග්‍යතාවය හිමි ශිෂ්‍යයා ලෙස ලාන්ස් කෝප්‍රල් ඒ.එම්.ජේ.එස් අත්තනායක කුසලාන හිමිකර ගත්හ.

විසිර යාමේ උත්සව අවස්ථාව සඳහා 53 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් පී.ජී.පී.එස් රත්නායක ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී, එම සේනාංකයේ නියෝජ්‍ය සේනාංකාධිපති බ්‍රිගේඩියර් ආර්.ඩබ්ලිව්.කේ හේවගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයින් පිරිසක් සහභාගී වූහ.