06th March 2025 16:32:11 Hours
ගුවන් ප්‍රහාරක පුහුණු පාඨමාලා අංක - 29 සාර්ථකව හැදෑරූ භටපිරිස්හි විසිරයාමේ පෙළපාලිය 2025 මාර්තු මස 5 දින නිකවැව, ගුවන් සංක්‍රමික පුහුණු පාසලේදී නිලධාරින් 05 දෙනෙකු සහ සෙසුනිලයන් 111 දෙනෙකුගේ සහභාගිත්වයෙන් පැවැත්විණි. මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ගුවන් සංක්‍රමික බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් වයි.එම්.එස්.සී.බී ජයතිලක RSP USP සහභාගි විය.
පාඨමාලාවේ විශිෂ්ඨ දක්‍ෂතා දැක්වූවන් පහතින් දැක්වේ:
• දක්‍ෂතම වෙඩික්කරු – ලුතිනන් පී.එච් ජයසිංහ
• දක්‍ෂතම සිසුවා – කෝප්‍රල් කේ.ආර්.ජී.ටී.එන් විජේරත්න
• හොඳම ශාරීරික යෝග්‍යතාවයෙන් හෙබි සෙබලා – ලාන්ස් කෝප්‍රල් එම්.ජී.ආර්.එම් කුමාර