Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

15th December 2024 13:25:50 Hours

ගිලාබැසීමකට ලක්වූ දෙහිඅත්තකණ්ඩිය - අරලගන්විල මාර්ගයේ ගමනාගමන කටයුතු යථා තත්ත්වයට පත්කිරීමට 12 බලඇණිය ගැමුණු හේවා බලකායේ දායකත්වය

දෙහිඅත්තකණ්ඩිය - අරලගන්විල බී - 517 ප්‍රධාන මාර්ගයේ කදිරපුර පාලම අසල ප්‍රදේශයේ 2024 දෙසැම්බර් මස 14 දින පස්වරු 03.30 ට පමණ සිදු වූ ගිලාබැසීමක් හේතුවෙන් එම මාර්ගයේ රථවාහන ගමනාගමනය සඳහා බාධා එල්ල විය. ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර ගේ උපදෙස් මත 23 පාබල සේනාංකය සහ 231 පාබල බලසේනාව යටතේ ස්ථාපිත 12 බලඇණිය ගැමුණු හේවා බලකායේ නිලධාරින් දෙදෙනෙක් සහ සෙසුනිලයන් 10 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක්, මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරින් සමඟ ඒකාබද්ධව කඩිනමින් ක්‍රියාත්මක වී එම මාර්ගයේ අළුත්වැඩියා කටයුතු සිදුකර මාර්ගයේ ගමනාගමන කටයුතු යථා තත්ත්වයට පත්කරනු ලැබීය.