Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

14th July 2016 19:38:26 Hours

ගිනි නිවීම පිළිබඳව යුද හමුදා භට පිරිස් දැනුවත් කරයි

මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ රාජකාරී නියුතු යුද හමුදා භට පිරිස් සඳහා ගිනි නිවීම පිළිබඳව සහ එම උපකරණ භාවිතා කරන ආකාරය පිළිබඳව දැනුවත් කිරීමේ එක් දින වැඩමුළුවක් බදාදා (13) දින එම ආරක්ෂක සේනා මූලස්ථාන ප්‍ර‍ධාන ශ්‍ර‍වණාගාරයේ දී පවත්වන ලදි. මුලතිව් ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් පී.යූ.එස් විතානගේ අධීක්ෂණයෙන් එම මූලස්ථානය යටතේ සේවයේ නියුතු යුද හමුදා භට පිරිස් ගිනි නිවීම පිළිබඳව දැනුවත් කිරීමේ අදිටනින් මෙම වැඩමුළුව සංවිධානය කරනු ලැබීය. ඒ සඳහා මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත සේනාංක, ඉදිරිනඩත්තු පෙදෙස, බලසේනා සහ ඒකකයන්හි රාජකාරී නියුතු නිලධාරීන් හතලිස් පස් දෙනෙකු සහ සෙසු නිලයින් හැත්තෑ දෙදෙනෙකු සමගින් යුද හමුදා සාමාජිකයින් 117 දෙනෙකු සහභාගි වූහ. මෙහිදී 7 වන ශ්‍රී ලංකා යුද හමුදා යුධෝපකරණ බලකායෙහි ලුතිතන් වී.ඩී වන්නිආරච්චි විසින් දේශණය සිදු කරනු ලැබූ අතර, එහි ප්‍රායෝගික ක්‍රියාකාරකම් මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථාන ක්‍රීඩාංගණයේ දී පවත්වනු ලැබීය. එම අවස්ථාව සඳහා මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථාන ප්‍ර‍ධාන මාණ්ඩලික නිලධාරී I ලුතිතන් කර්නල් ජේ.කේ.ආර් ජයකොඩි සහභාගි විය.buy shoes | Nike Off-White