Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

16th June 2023 21:17:51 Hours

ගැමුණු හේවා බලකා සේවා වනිතා ශාඛාවේ සම්බන්ධිකරණයෙන් නව නිවසක් ඉදිකර ලබදෙයි

ගැමුණු හේවා බලකා සේවා වනිතා ශාඛාව මගින් සිදුකරනු ලැබූ ඉල්ලීමකට දානපති විජේරත්න බණ්ඩාර රන්මුතුගල මහතාගේ මූල්‍යමය අනුග්‍රාහකත්වය ඇතිව නිවසක් නොමැති ආර්ථික දුෂ්කරථා මධ්‍යයේ දිවිගෙවන එම බලකායේ සෙබළෙකු සහ ඔහුගේ පවුලේ සමාජිකයන් වෙත දියතලාව ප්‍රදේශයේ නව නිවසක් ඉදිකර දෙන ලදී.

නව නිවස ලබාදීමේ උත්සව අවස්ථාව පසුගිය සිකුරාදා (09) දින පැවති අතර, ඒ සඳහා ගැමුණු හේවා බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි ශාලිකා එදිරිසිංහ මහත්මිය, ගැමුණු හේවා බලකා රෙජිමේන්තුවේ බලකාධිපති මේජර් ජෙනරල් ඊ.ඒ.ඩී.පී එදිරිසිංහ පීඑස්සී සහ එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් ඩබ්ලිව්.බී.ජේ.කේ විමලරත්න ආර්ඩබ්ලිව්පී ආර්එස්පී සහභාගී වූහ.

1 ගැමුණු හේවා බලකායේ භටපිරිස්හි තාක්‍ෂණික දැනුම සහ ශ්‍රම දායකත්වය යොදා ගනිමින් නව නිවස ඉදිකරන ලදී.

නව නිවස නිවාස ලාභීන් වෙත ලබාදීමේ උත්සව අවස්ථාව සඳහා යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයින් සහභාගී වූහ.