Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

13th September 2023 20:03:26 Hours

ගමන් හා පාලන අධ්‍යක්‍ෂ මණ්ඩලයේ නව අධ්‍යක්‍ෂතුමන් රාජකාරි අරඹයි

ගමන් හා පාලන අධ්‍යක්‍ෂ මණ්ඩලයේ නව අධ්‍යක්‍ෂ ලෙස විශේෂ බලකායේ බ්‍රිගේඩියර් ඩබ්ලිව්.එම්.පී.එන්.බී. විජේසූරිය ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පසුගිය සඳුදා (සැප්තැම්බර් මස 11) දින දූරයේ රාජකාරි කටයුතු භාරගත්තේය.

බ්‍රිගේඩියර් ඩබ්ලිව්.එම්.පී.එන්.බී. විජේසූරිය ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ සංකේතාත්මක නිල ලේඛනයකට අත්සන් තබමින් දූරයේ රාජකාරි කටයුතු භාරගැනීම සනිටුහන් කළේය. මෙම අවස්ථාව සඳහා ගමන් හා පාලන අධ්‍යක්‍ෂ මණ්ඩලයේ නිලධාරින් කිහිපදෙනෙකු ද සහභාගී වූහ.

මීට ප්‍රථම මෙම දූරය හෙබවූ බ්‍රිගේඩියර් කේ.එල්.එස්.එස්. ලියනගම ආර්ඩබ්ලිව්පි ආර්එස්පී 53 පාබල සේනාංකයේ නියෝජ්‍ය සේනාංකාධිපති දූරයේ රාජකාරි කටයුතු භාරගත්තේය.

බ්‍රිගේඩියර් ඩබ්ලිව්.එම්.පී.එන්.බී. විජේසූරිය ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ මීට ප්‍රථම ආරක්‍ෂක සේනා මූලස්ථානය - මුලතිව් බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික නිලධාරි ධූරය හෙබවූවේය.