Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

03rd September 2019 15:03:45 Hours

ගජබා රෙජිමේන්තු මූලස්ථානයේ යුද්ධ හමුදාධිපතිතුමන් සිදුකළ දේශනයේදී සිය උපදේශකයින්ට ගෞරවනීය උපහාරයක් පිරිනමයි

නව යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ඉකුත් සෙනසුරාදා (31) දින සාලියපුර පිහිටි ගජබා රෙජිමේන්තු මූලස්ථානයේ සිදුකළ සිය මංගල සංචාරය අතරතුරදී භටපිරිස් අමතා දේශනයක් සිදුකරමින් සිය දෙමාපියන්ට, උපදේශකයින්ට, ගජබා රෙජමේන්තුවේ පුරෝගාමී පියවරුන්ට, ප්‍රවීණයන්ට, දිවිපිදු ගජබා රෙජිමේන්තුවේ විරෝධාර රණවිරුවන්ට සිය උපහාරය පුද කළ අතර සියලු ශ්‍රී ලාංකීකයන්ගේ ගෞරවයට පාත්‍ර වූ කීර්තිමත් පාබල හමුදාවක් වන ගජබා රෙජිමේන්තුව එම ස්ථානයට ගෙන ඒම සඳහා පරාර්ථකාමීව කැපකිරීම් සිදුකළ ගජබා රෙජිමේන්තුවේ සියලුම භටපිරිස් ඇගයුමට ලක් කළේය. යුද්ධ හමුදාධිපති ලෙස තම රාජකාරිය ඉටු කිරීම සඳහා අවශ්‍ය මගපෙන්වීම සිදුකරන ලෙස එතුමන් සියලුදෙනාගෙන් ඉල්ලා සිටි අතර තම දේශයේ, හමුදාවේ සහ සියලු ශ්‍රී ලාංකිකයන්ගේ යහපත උදෙසා තමා උපරිමයෙන් කටයුතු කිරීමට ද මෙහිදී පොරොන්දු විය.

යුද්ධ හමුදාධිපතිතුමන් සිය දේශනයේ දී මෙසේ ද පැවසීය.

“අද මට පෞද්ගලිකව පමණක් නොව රෙජිමේන්තුවට ද ඵෙතිහාසික දිනයක් බව නිසැකය. රෙජිමේන්තුවේ පළමු 2 වන ලුතිනන්වරයා ලෙස මා රෙජිමේන්තුවට බැඳුණු දිනය මට මෙන්ම රෙජිමේන්තුවට ද විශේෂ විය. අදත් එදිනට සමානය. මන්ද, මෙම කීර්තිමත් රෙජිමේන්තුව දැන් එහි පළමු යුද්ධ හමුදාධිපති ද බිහි කර ඇති බැවිනි.

යුද්ධ හමුදාධිපති ලෙස පත්වීම මා ලද පෞද්ගලික වරප්‍රසාදයක් නොව, එය රෙජිමේන්තුවට ද ගෞරවයක් හිමිවිය.

මෙම අවස්ථාව සඳහා අද එම ජ්‍යෙෂ්ඨ ප්‍රවීණයන් සහ අනෙකුත් නිලධාරීන් සහභාගීවීම මට ආඩම්බරයට කරුණක් වන අතර, එය අපගේ ආදර්ශ පාඨය වන ‘සමගිය ශක්තියයි’ යන්න අපට මතක් කරදෙයි.  එබැවින්, ඔබගේ පැමිණීම කෘතඥතාවයෙන් පිළිගැනීම සේවය කරන සියලුදෙනාටම ආදර්ශමත් ක්‍රියාවක් වනු ඇත.

ජාත්‍යන්තරව ත්‍රස්තවාදීන්ට අනුග්‍රහය දක්වන ඇතැම් කොටස් විසින් කරනු ලබන බලපෑම් මධ්‍යයේ වුවද, සන්නද්ධ හමුදාවන්හි සේනාධිනායකය අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා යුද්ධ හමුදාධිපති ලෙස මහජනතාවට සේවය කිරීම සඳහා මාව නිවැරදිව පත් කිරිම සම්බන්ධයෙන් එතුමන් වෙත මගේ ගෞරවය හා කෘතඥතාවය පුද කළ යුතුය.

එමෙන්ම, ගජබා රෙජිමේන්තුවේ පුරෝගාමී පියා මෙන්ම මගේ පළමු අණදෙන නිලධාරි වන දිවංගත මේජර් ජෙනරාල් විජය විමලරත්න මට ලබා දුන් ආදර්ශමත් මඟපෙන්වීම සහ ආනුභාවය මගේ හමුදා ජීවිතය ආරම්භයේ සිටම අභියෝග ජය ගැනීමට හැකිවන පරිදි ශක්තිමත් භාවයක් ලබාදුන්, අතර එතුමන්ව මේ අවස්ථාවේදී ඉතා ගෞරවයෙන් හා කෘතඥතාවයෙන් සිහිපත් කරමි.

මා යටතේ සේවය කළ සියලුම නිලධාරීන් සහ සෙසුනිලයින් විසින් කරන ලද කැපකිරීම හා අගනා සේවය නොවේ නම්, මට මෙම ධුරය දැරීමට නොහැකි වනු ඇත. මේ මොහොතේ, මගේ පළමු නිලධාරි අණදෙන කර්නල් නියෝමාල් පාලිපාන සහ 8, 5 හා 1 වන ගජබා රෙජිමේන්තු ඒකකවල, ගුවන් සංක්‍රමික බලසේනාව, කමාන්ඩො බලසේනාව, 58 වන සේනාංකය සහ 53 වන සේනාංකයේ සේවය කරන අතරතුර මා සමඟ වැඩ කළ මගේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් ඇතුළු සියලුදෙනා මට ලබාදුන් මඟපෙන්වීම මම කෘතඥපූර්වකව සිහිපත් කරමි.

යුද්ධ හමුදාවට 2 වන ලුතිනන් වරයෙකු ලෙස එක්වීමෙන් අනතුරුව යුද්ධ හමුදාධිපති ධූරය දක්වා ගමන් කිරීම පහසු කාර්යයක් නොවේ. අනාගත වෘත්තීය අපේක්‍ෂාවන් සඳහා ආදර්ශවත් හැසිරීමක් පවත්වාගෙන යාම, ත‍්‍රස්තවාදීන්ට එරෙහි පැවැති යුද්ධය ආරම්භයේ සිටම තුවාල සහිතව දිවි ගලවා ගැනීම හා ඒ හා සමාන දුෂ්කර කාර්යයක් වේ. මෙම නව පත්වීම, දැඩි අභියෝග මධ්‍යයේ අතිගරු ජනාධිපතිතුමා විසින් ප්‍රදානය කරනු ලැබුවේ මානුෂීය මෙහෙයුම් සඳහා ක්‍රියාකාරීව දායකත්වය මෙන්ම විශේෂයෙන් වන්නි මානුෂීය මෙහෙයුම් සාර්ථකව සිදුකිරීම වෙනුවෙන් පිරිනමන ලද අගය ලෙසයි.

අපගේ රෙජිමේන්තුවේ යටිතල පහසුකම් තවදුරටත් ප්‍රවර්ධනය කිරීම හා වැඩිදියුණු කිරීම මෙන්ම රෙජිමේන්තුවේ සේවය කරන සියලුම රණවිරුවන් සතුටට පත් කිරීම මගේ දැඩි අධිෂ්ඨානයයි.

යුද්ධ හමුදාධිපති ධූරයට පත්වූ විට, අනාගත දැක්ම ලෙස මා විසින් සැලකිලිමත් විය යුතු ප්‍රධාන අංශ හතරක් සඳහන් කළෙමි. රටේ ආරක්‍ෂාව, මහජන ආරක්‍ෂාව, යුද්ධ හමුදාවේ සංවර්ධනය හා යුද්ධ හමුදා සාමාජිකයින්ගේ සුභසාධනය එම කරුණු වේ. මෙම කරුණු හතර බලගැන්වීම සඳහා ජාතික ආරක්‍ෂාව, ජාතිය ගොඩනැගීම සහ සංහිඳියාව සඳහා දායකත්වය, යුද්ධ හමුදා සාමාජිකයින්ගේ කුසලතා හා වෘත්තීය අනුව ප්‍රවර්ධනය කිරීම, යුද්ධ හමුදා සාමාජිකයින්ගේ වෘත්තීය ප්‍රගතිය, ඵලදායී සිවිල් ජීවිතයක් සඳහා විශ්‍රාමිකයින්ට පහසුකම් සැලසීම, සියලු යුද්ධ හමුදා සාමාජිකයින්ගේ සුභසාධනය වැඩිදියුණු කිරීම සහ හමුදාව කාලෝචිත ලෙස නවීකරණය කිරීම යන කරුණු 7 කෙරෙහි අවධාන යොමු කිරීමට නියමිතය.

එම සංකල්පීය දැක්ම තුළින් මම සෑමවිටම හමුදාවට නායකත්වය සැපයීමට උනන්දුවෙමි. සාමූහික කණ්ඩායමක් ලෙස උත්සාහයෙන් වැඩ කිරීමෙන් සාර්ථක ප්‍රතිඵල ලබාගැනීමට මම අදහස් කරමි.” යනුවෙන් යුද්ධ හමුදාධිපතිතුමන් සිදුකළ දේශනයේදී වැඩිදුරටත් පැවසීය. Best Authentic Sneakers | Air Jordan