Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

02nd May 2024 18:19:32 Hours

ගංවතුර අවදානම අවම කිරීම සඳහා යුද්ධ හමුදා භටපිරිස් මලිත්තගොඩ ප්‍රදේශයේ ජලාපවහන පද්ධතියක් ඉදිකරයි

මලිත්තගොඩ ප්‍රදේශයට ඇදහැලෙන අධික වර්ෂාපතනය හේතුවෙන් දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සහකාර විසින් නිකුත් කරන ලද දැනුම්දීමකට අනුව එම අවධානම් තත්ත්වය සඳහා ප්‍රතිචාර දක්වමින් ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් එස්.ආර්.බී අළුවිහාරේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී ගේ උපදෙස් මත, 112 පාබල බලසේනාවේ බලසේනාධිපතිතුමන්ගේ අධීක්‍ෂණය යටතේ 2 ශ්‍රී ලංකා රයිෆල් බලකාය, 3 (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව සහ 23 විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් 2024 අප්‍රේල් මස 23 දින එම ප්‍රදේශවාසී ජනතාව වෙත සහන සැලසීමේ ව්‍යාපෘතියක් දියත් කරනු ලැබීය.

එම ගම්මානයට ඉහළින් පිහිටි කඳුකර ප්‍රදේශයෙන් ආරම්භ වන ජල මාර්ග පාලනය කර අතිරික්ත ජලය ජනතාව වෙසෙන ප්‍රදේශ වෙත ගලාබැසීම වැළැක්වීම සහ ගංවතුර තත්ත්වයන්ගෙන් එම ජනතාව ආරක්‍ෂා කිරීමේ අරමුණින් භටපිරිස් විසින් ජලාපවහන පද්ධතියක් ඉදිකරන ලදී.