Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

28th November 2024 11:38:11 Hours

ගංවතුරින් විපතට පත් ප්‍රදේශවල සහන සේවා කටයුතු සඳහා යුද්ධ හමුදා භටපිරිස්හි දායකත්වය

57 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.එම්.පී.එම්. විජේසූරිය ආර්ඩබ්ලිව්පී ආර්ඒස්පී ඒන්ඩීයූ ගේ උපදෙස් හා 571 පාබල බලසේනාවේ බලසේනාධිපතිතුමන්ගේ අධීක්‍ෂණය මත 1 ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ භටපිරිස් විසින් රාජ්‍ය නිලධාරීන්ගේ සහයෝගය මත රස්නායකපුර, නම්බුවාව ප්‍රදේශයේ ගංවතුර තත්ත්වය හේතුවෙන් අවතැන් වූ පවුල් 247 ක් වෙනුවෙන් 2024 නොවැම්බර් මස 27 දින බෝට්ටු ආධාරයෙන් වියලි ආහාර සලාක පාර්සල් බෙදාදෙනු ලැබීය.

එදිනම, 143 පාබල බලසේනාවේ බලසේනාධිපතිතුමන්ගේ අධීක්‍ෂණය මත 16 බලඇණිය ගජබා රෙජිමේන්තු භටපිරිස් විසින් අනුරාධපුර - පුත්තලම, ඒ - 12 ප්‍රධාන මාර්ගයේ සිරම්බිඅඩිය ප්‍රදේශයේ මහජනතාවගේ ගමනාගමන කටයුතු සඳහා දුෂ්කරතා ඇතිකරමින් කඩා වැටී තිබූ ගසක් ඉවත් කර එම මාර්ගයේ රථවාහන ගමනාගමන කටයුතු යථා තත්ත්වයට පත්කරන ලදී.