Skip to main content
Header Block Sinhala
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව
ජාතියේ ආරක්ෂකයා
ENGLISH
தமிழ்
තවදුරටත් සොයන්න
යොමු පෙළගැස්ම
Toggle navigation
මුල් පිටුව
තතු විමසුම
ශ්‍රි ලංකා යුද්ධ හමුදාව
යුද්ධ හමුදාධිපති
යුද්ධ හමුදා ධජය
යුද්ධ හමුදා ගීතය හා ගී පද මාලාව
නිල ඇඳුම් රෙගුලාසි
සේවා රෙගුලාසි
පදක්කම්
යුද්ධ හමුදා රෝහල්
රණවිරු ප්රවීණයන්ගේ පිටුව
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම
අප ගැන
අපගේ ඉතිහාසය
හිටපු යුද්ධ හමුදාධිපතිවරුන්
විශේෂ සබැඳි
සුභසාධන හා පුනරුත්ථාපන වැඩසටහන්
පුහුණුවීම්
පාසල් ඇතුළත්කිරිම්
කොළඹ ආරක්ෂක සමුළුව
1 බලකාය
ආරක්ෂක සේනා මුලස්ථානය - යාපනය
ආරක්ෂක සේනා මුලස්ථානය - වන්නි
ආරක්ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මුලතිව්
ආරක්ෂක සේනා මුලස්ථානය - බටහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මධ්‍යම
පුවත්
මුල් පුවත
උණුසුම් පුවත්
පුවත් විශේෂාංග
සිවිල් යුද්ධ හමුදා සම්බන්ධීකරණ ව්‍යාපෘති
සේවා වනිතා
සුභසාධන
පුහූණු
එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි
ක්‍රීඩා
මාධ්‍ය එකතුව
ඡායාරූප
වීඩියෝ
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ දේශන
පුවත් ලේඛණාගාරය (2009 - 2015)
පුවත් ලේඛණාගාරය(2002 - 2009)
ප්‍රකාශන
E - පුවත්පත
රණවිරුවා සඟරාව
සෙබල සිතුවිලි
සරඹ උපදේශන සංග්‍රහය
මහජන සෞඛ්‍ය බුලටීනය
මිල ගණන් කැඳවීම්
අප හා එක්වන්න
යුද්ධ හමුදා දිවිපෙවෙත
නිලධාරීන් සහ නිලධාරිනියන්
සෙසුනිල සෙබළ සෙබළියන්
අප අමතන්න
23rd May 2016 15:48:38 Hours
කොළඹ සහ වෙනත් ස්ථානවල වෙසක් සැරසිලි සඳහා යුද හමුදා භට පිරිස් දායකත්වය ලබා දෙයි
අයහපත් කාලගුණ තත්ත්වය, නායයෑම් හා අධික වර්ෂාවෙන් හේතුවෙන් ඇති වූ ආපදා තත්වයන් තිබියදීත්, රට පුරා බෞද්ධයින් ආමිස සහ ප්‍රතිපත්ති පූජා සමඟින් වෙසක් පුර පසළොස්වක පෝය දිනය (මැයි 21) සමරන ලදි. ඒ අනූව කොළඹ නගරය කේන්ද්‍ර කොට ගනිමින් වීදි පුරා දහස් ගණන් වෙසක් කලාප ඇතුලත් සැරසිලි ඉදි කොට තිබේ. යුද හමුදා බෞද්ධ සංගමය සමඟ සහයෝගයෙන් යුද හමුදාපතිතුමාගේ උපදෙස් මත යුද හමුදා නිලධාරීන් සහ සෙසු නිලයන් කොළඹ ගංගාරාම වෙසක් කලාපයේ කටයුතු සඳහා ක්‍රියාකාරීව දායක වූ අතර, දිවයින පුරා වෙසක් පහන් කූඩු නිර්මාණය කිරිම ආදිය ද සිදු කරන ලදි. ගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙන්ම ගරු අගමැතිතුමා ද ගංගාරාම වෙසක් කලාපය විවෘත කිරීමේ උත්සවයට සහභාගි වූහ. යුද හමුදා සාමාජිකයින් විසින් වර්ණවත් වෙසක් පහන් කූඩු 25 ක් පමණ සාදා ගංගාරාම වෙසක් කලාපයේ ප්‍රදර්ශනය සඳහා ඉදිරිපත් කළ අතර, අටපට්ටම් කූඩු 1500 කට වඩා වැඩි ප්‍රමාණයක් හා බෞද්ධ කොඩි එල්ලමින් ගංගාරාම සහ ගාලු මුවදොර ප්‍රදේශයේ මග දෙපස සරසන ලදි. යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා පසුගිය සෙනසුරාදා (21) දින පස්වරුවේ ගංගාරාමය සහ සිරස වෙසක් කලාපයේ සමාරම්භක විවෘත කිරීමේ උත්සවයට සහභාගි වූ අතර, එහි දි යුද හමුදාව විසින් සාදන ලද පහන් කූඩු කිහිපයක් ද නැරඹූහ. පනාගොඩ දී පැවති බුද්ධ පූජා පිංකමට යුද හමුදා බෞද්ධ සංගමයේ සභාපති මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ ඇතුළු සිවිල් වැසියන් සහ යුද හමුදා පවුල්වල සාමාජිකයින් ඇතුලු සැදැහැවතුන් 6000 ක් පමණ එක්ව සිටියහ. එදින පැවති ශීල- භාවනා වැඩසටහන මෙහෙයවීම පූජ්‍ය වැහිකල කාශ්‍යප ස්වාමින් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය විසින් සිදු කලහ. බටහිර ආරක්ෂක සේනා මූලස්ථානයේ සංවිධානයෙන් පනාගොඩ දි පැවති වෙසක් පහන් කූඩු තරඟයේ ජයග්රාහකයින්ට තිළිණ ප්රදානය ද මෙම අවස්ථාවේ දී සිදු කෙරිනි. වෙසක් පුන් පොහෝ දින (21) නාවික හමුදාව විසින් ද ගංගාරාම වෙසක් කලාපයේ එම වැව් දිය මත සහ කොළඹ ඇතැම් ස්ථානවල තිසරණේ ගුණ සිහි කරමින් භක්ති ගීත සංදර්ශන පැවැත්වීය. මීට අමතරව කොළඹ හා ඒ අවට යුද හමුදාව විසින් භාවිතා කරන ගොඩනැගිලි ද වර්ණවත් හා දීප්තිමත් ලෙස ආලෝකමත් කොට සරසවා තිබුණි. යුද හමුදා මූලස්ථානය ද එසේ අලංකාර කෙරිනි. දිවයින පුරා ස්ථාපිත ආරක්ෂක සේනා මූලස්ථානය ඇතුළු සියලු ප්‍රධාන බලඇණි, ඒකකයන් වෙන්වෙන් වශයෙන් වෙසක් උත්සව සංවිධානය කර ඇත.
short url link
|
Nike Shoes