Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

21st June 2020 04:23:27 Hours

කොළඹ ආරක්ෂක උපදේශකයින් සමග පැවති සාකච්ඡාවකදි COVID-19 වෛරසයට එරෙහි ශ්‍රී ලංකාව ක්‍රියාත්මක කරමින් පවතින සාර්ථක සටන පිළිබඳ කොවිඩ් 19 වෛරසය පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි පැහැදිලි කරයි

කොවිඩ් 19 වෛරසය පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානී ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා විසින් අද (16) දින දහවල් යුද්ධ හමුදා මූලස්ථානයේ පැවති සාකච්ඡාවේදි එම අවස්ථාවට සපැමිණි ශ්‍රී ලංකා විදේශ දූත මණ්ඩලයේ ආරක්ෂක සහායකයින් සහ උපදේශකයින් වශයෙන් රටවල් අට කින් යුත් දූත පිරිසට මෙරට කොවිඩ් 19 වෛරසය පිළිබද පුළුල් විග්‍රහයක් සිදු කරනු ලැබීය.

එම සාකච්ඡාව සඳහා බංග්ලාදේශ මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක කොමදෝරු සයිඩ් එම්. හකීම් (Syed M. Hakim), ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක කපිතාන් අශෝක් රාඕ (Captain Ashok Rao), ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ සහකාර ආරක්ෂක උපදේශක ලුතිනන් කර්නල් ආර්. එස්. මිශ්‍රා ( Lt Colonel R. S Mishra), ජපාන තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක කපිතාන් ගකු ෆුකුරා (Captain Gaku Fukaura), මාලදිවයින් මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක ලුතිනන් කර්නල් ඉස්මයිල් නසීර් (Lt Col Ismail Naseer), පාකිස්තාන මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක කර්නල් සජ්ජාඩ් අලි (Colonel Sajjad Ali), රුසියානු සමූහාණ්ඩු තානාපති කාර්යාලයේ යුද, ගුවන් සහ නාවික ආරක්‍ෂක උපදේශක කර්නල් ඩෙනිස් අයි. ෂකෝඩා (Colonel Denis I. Shkoda), එක්සත් ජනපද තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක ලුතිනන් කර්නල් ට්‍රැවිස් රේ කොක්ස් (Lt Colonel Travis Ray Cox) චීන මහජන සමූහාණ්ඩු තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක ජ්‍යෙෂ්ඨ කර්නල් වැන් ඩොං (Senior Colonel Wan Dong), චීන මහජන සමූහාණ්ඩු තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක ලුතිනන් කර්නල් චැං ක්වාන්ජින් (Lt Colonel Chang Qianjin), යන විදේශීය නියෝජිතයින් පිරිස සහභාගී වූහ.

මෙම විශේෂ හමුවේදී කොවිඩ් 19 වෛරසය පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානී විසින් මෙතෙක් ඉටු කර ඇති ජාතික කාර්යයන්, වැළැක්වීමේ හා පූර්වාරක්ෂාව පිළිබඳ පියවර, නිරෝධායන ක්‍රියා පටිපාටි සහ නිරෝධායන මධ්‍යස්ථාන පැවැත්වීම, අවදානම් සහ ආසාදිත කණ්ඩායම් කළමනාකරණය, අභියෝග සහ පසු බෑම්, වැඩිදියුණු කිරීම් සහ අනාගත බලාපොරොත්තු, පශ්චාත් COVID-19 ගැටළු, ජාත්‍යන්තර බලපෑම, ත්‍රිවිධ හමුදා සේවාව, වෛද්‍ය නිලධාරීන්ගේ කාර්යභාරය, පොකුරු පැතිරීම, ආසාදිත විදේශිකයන් සහ අනාගත අභියෝග පිළිබදව පැමිණි දූත පිරිස දැනුවත් කළේය

අනතුරුව සපැමිණි රාජ්‍ය තාන්ත්‍රිකයන් විසින් මෙම පලදායී සාකච්ඡාව සඳහා ආරාධනා කිරිම වෙනුවෙන් යුද්ධ හමුදාධිපතිතුමන්ට ස්තූතිවන්ත වෙමින් COVID වෛරසයට එරෙහි සටනේ කැපී පෙනෙන කාර්යභාරය පිළිබඳව ශ්‍රී ලංකාවේ ත්‍රිවිධ හමුදාවට මෙන්ම සෞඛ්‍ය නිලධාරීන්ට සහ කම්කරුවන්ට ප්‍රශංසා කළහ.

ශ්‍රී ලංකාවේ COVID-19 වෛරසයට එරෙහි සටනේදී මිත්‍ර රටවල් විසින් ලබා දෙන අඛණ්ඩ සහයෝගය පිළිගත් ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ශ්‍රී ලංකා රජය වෙනුවෙන් ඔවුන්ගේ රාජ්‍යයන් වෙත සිය සුභපැතුම් එක් කළේය. තවද, සමස්ත මෙහෙයුමේ පළමු දිනයේ සිට අතිගරු ජනාධිපතිතුමා, ගරු අග්‍රාමාත්‍යවරයා, සෞඛ්‍ය අමාත්‍යවරයා, ආරක්‍ෂක ලේකම් වරයා, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, වෛද්‍ය කාර්ය මණ්ඩලය, මහජන සෞඛ්‍ය පරික්‍ෂක වරුන් සහ සියලු පාර්ශවකරුවන්ගේ සහයෝගය නිරන්තරයෙන් ලැබුණු බවද එහිදි සඳහන් කළේය.

ආරක්ෂක අමාත්‍යාංශයේ සහ විදේශ සම්බන්ධතා අමාත්‍යාංශයේ ඉල්ලීම පරිදි මෙම හමුව පැවැත් වූ අතර, යුද්ධ හමුදාධිපති කාර්යාලයේ පැවති එම අවස්ථාව සඳහා මෙහෙයුම් අධ්‍යක්ෂ මේජර් ජෙනරාල් හරේන්ද්‍ර රණසිංහ, අධ්‍යක්‍ෂ ජෙනරාල් පුහුණු මේජර් ජෙනරාල් නිශාන්ත හෙරත්, කොවිඩ් 19 වෛරසය පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ බ්‍රිගේඩියර් සම්බන්ධීකාරක සැලසුම් කර්නල් විපුල චන්ද්‍රසිරි යන ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහභාගී වූහ. Sports News | Nike News