Skip to main content
Header Block Sinhala
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව
ජාතියේ ආරක්ෂකයා
ENGLISH
தமிழ்
තවදුරටත් සොයන්න
යොමු පෙළගැස්ම
Toggle navigation
මුල් පිටුව
තතු විමසුම
ශ්‍රි ලංකා යුද්ධ හමුදාව
යුද්ධ හමුදාධිපති
යුද්ධ හමුදා ධජය
යුද්ධ හමුදා ගීතය හා ගී පද මාලාව
නිල ඇඳුම් රෙගුලාසි
සේවා රෙගුලාසි
පදක්කම්
යුද්ධ හමුදා රෝහල්
රණවිරු ප්රවීණයන්ගේ පිටුව
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම
අප ගැන
අපගේ ඉතිහාසය
හිටපු යුද්ධ හමුදාධිපතිවරුන්
විශේෂ සබැඳි
සුභසාධන හා පුනරුත්ථාපන වැඩසටහන්
පුහුණුවීම්
පාසල් ඇතුළත්කිරිම්
කොළඹ ආරක්ෂක සමුළුව
1 බලකාය
ආරක්ෂක සේනා මුලස්ථානය - යාපනය
ආරක්ෂක සේනා මුලස්ථානය - වන්නි
ආරක්ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මුලතිව්
ආරක්ෂක සේනා මුලස්ථානය - බටහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මධ්‍යම
පුවත්
මුල් පුවත
උණුසුම් පුවත්
පුවත් විශේෂාංග
සිවිල් යුද්ධ හමුදා සම්බන්ධීකරණ ව්‍යාපෘති
සේවා වනිතා
සුභසාධන
පුහූණු
එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි
ක්‍රීඩා
මාධ්‍ය එකතුව
ඡායාරූප
වීඩියෝ
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ දේශන
පුවත් ලේඛණාගාරය (2009 - 2015)
පුවත් ලේඛණාගාරය(2002 - 2009)
ප්‍රකාශන
E - පුවත්පත
රණවිරුවා සඟරාව
සෙබල සිතුවිලි
සරඹ උපදේශන සංග්‍රහය
මහජන සෞඛ්‍ය බුලටීනය
මිල ගණන් කැඳවීම්
අප හා එක්වන්න
යුද්ධ හමුදා දිවිපෙවෙත
නිලධාරීන් සහ නිලධාරිනියන්
සෙසුනිල සෙබළ සෙබළියන්
අප අමතන්න
13th June 2016 14:41:55 Hours
කොස්ගම ජනතාවගේ නිවාස යථාතත්වයට පත්කරන තුරු හමුදාව ඉවත් නොවේ - හමුදාපති
යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිශාන්ත ද සිල්වා අද (10) පස්වරුවේ කොස්ගම, සාලාව යුද හමුදා කදවුරේ පැවති මාධ්‍ය සාකච්ඡාවේදි අනපේක්ෂිත අයුරින් පතරොම් ගබඩාව පුපුරායාම පිළිබදව ඔහුගේ බලවත් කණගාටුව ප්‍රකාශ කරමින් අනෙකුත් ආරක්ෂක අංශ සමග ප්‍රදේශය යථාතත්වයට පත් කිරිමට අවශ්‍ය සියළු කටයුතු සිදුකරන බවත් විපතට පත් ජනතාවගේ නිවාස අළුත්වැඩියාව ඉතා කෙටි කලකින් සිදුකරන බවත් ප්‍රකාශ කරන ලදි. යුද හමුදාපති තුමා සමග මුහුණට මුහුණලා පැවති මෙම මාධ්‍ය සාකච්ඡාවෙන් අනතුරුව ප්‍රථම වතාවට මාධ්‍යවේදින්ව කදවුරු නිරික්ෂණය කිරිමට කැටුව යන ලදි. සාලාව කදවුරේ ප්‍රධාන පිවිසුම් දොරටුව අභියස පැවති මෙම මාධ්‍ය සාකච්ඡාවට බටහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ, ප්‍රධාන ක්ෂෙත්‍ර ඉංජිනේරු මේජර් ජෙනරාල් ධනංජිත් කරුණාරත්න, 14 වන සේනාංකාධිපති බ්‍රිගේඩියර් ජයශාන්ත ගමගේ, හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර ද සහභාගි විය. මෙම පතරොම් ගබඩාව අනපේක්ෂිත ලෙස පිපිරිමේ ප්‍රතිඵලයක් ලෙස ප්‍රදේශවාසින්ගේ ජන ජිවිතයටත්, දේපල වලටත් මෙන්ම ඔවුන්ගේ පැවැත්මට සිදුවු විපත පිළිබදව යුද හමුදාපති සිය බලවත් කණගාටුව ප්‍රකාශ කරන ලදි. මාධ්‍යවේදින් නැගු ප්‍රශ්ණ වලට පිළිතුරු දෙමින් වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ සිය ගණනක් සෝදිසි මෙහෙයුම් වලට හා සහන සේවා කටයුතු වල නියුතු යුද හමුදා භට පිරිස් වලට අනෙකුත් සහෝදර ආරක්ෂක අංශ වල සහයෝගය මෙන්ම රජයේ ආයතන, ප්‍රාදේශීය සභා සහ ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ සහාය නොඅඩුව ලැබෙන බවයි. එසේම දැනට සිදුකරන ක්‍රියාකාරකම් පිළිබදව අවධාරණය කරමින් හමුදාපති සහතික කර ප්‍රකාශ කර සිටියේ විපතට පත් ජනතාවගේ නිවාස යථා තත්වයට පත්වන තුරු හමුදාව ඉන් ඉවත් නොකරන බවත්ය. එමෙන්ම අද (10) උදෑසන කොස්ගම සාලාව ප්‍රදේශයේ ඇති වූ තත්වය හේතුවෙන් පීඩාවට පත් සිවිල් වැසියන් ගේ අවශ්‍යතාවන් පිළිබඳව සොයබැලීමේ විශේෂ හමුවක් සීතාවක ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී පැවැත්වූ අතර, එම සාකච්ඡාව සඳහා අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමා, යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිලවා, සීතාවක ප්‍රාදේශීය ලේකම්, බටහිර ආරක්ෂක සේනා ආඥාපති, ප්‍රාදේශීය දේශපාලඥයන් සහ රාජ්‍ය නිලධාරීන් සහභාගි වූහ. මෙහිදී බලධාරීන් විසින් දැනට ක්‍රියාත්මක ප්‍රදේශයේ පිරිසිදු කිරීම්, අලුත්වැඩියා කිරීම් සහ නැවත ගොඩනැගීම් සම්බන්ධයෙන් විපතට පත් මහජනතාව දැනුවත් කර එකි ජනතාවට හැකි සෑම සහනයක්ම ලබාදිමේ අරමුණින් ඔවුන් විසින් ඉදිරිපත් කළ දුක්ගැනවිලිවලට සාවදානව ඇහුම්කන් දෙන ලදි. මේ අතර, යුද හමුදා භට පිරිසි විසින් පානීය ජලය බවුසර් මගින් නොකඩවා ලබාදෙන අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව හා ජල සම්පාදන මණ්ඩලයේ විශේෂඥයන් සමඟ එක්ව ලිං 406 ක් නිරික්ෂණය කර එම ලිං අතරින් 394 ක් පානීය ජලය සඳහා සුදුසු බව තහවුරු කරනු ලැබීය. තවද, මෙවැනිම ලිං 85 ක තිබූ අපිරිසිදු ජලය පසුගිය දින හතර මුළුල්ලේ ඉවත් කරනු ලැබීය. මේ අතරතුර යුද හමුදා ඉංජිනේරු බලකාය, පාබල භටයින් සහ අනෙකුත් භට පිරිස් විසින් සුළු වශයෙන් වහල සහ බිත්ති හානියට පත් වූ නිවාස 20 ක් බ්‍රහස්පතින්දා (9) පස්වරු වන විට අලුත්වැඩියාකටයුතු නිම කරනු ලැබූ බව සීතාවක ප්‍රදේශයේ පිහිටා ඇති යුද හමුදා ක්‍රියාන්විත මැදිරිය මගින් දැනුම් දෙනු ලැබීය. එමෙන්ම, බ්‍රහස්පතින්දා (9) දිනය වන විට හානියට පත් වූ නිවාස අලුත්වැඩියා කරන තුරු නිවැසියන් හට ඔවුන්ගේ නිවාස අසලම ඔවුන්ගේ නිවාස අසලම තාවකාලික කූඩාරම් සාදාදීමට භට පිරිස්, සිවිල් අංශ බලධාරීන් සහ ආපදා කළමණාකරන මධ්‍යස්ථානය විසින් ක්‍රියා කරනු ලැබීය. මීට අමතරව යුද හමුදා ඉංජිනේරු බලකාය විසින් පිපිරිමෙන් බලපෑම් එල්ල වූ ප්‍රදේශයන්හි විසිරී ඇති උණ්ඩ හා වෙනත් පුපුරන ද්‍රව්‍ය එක් රැස් කිරීම නොකඩවා සිදු කරනු ලබන අතර, පුපුරන ද්‍රව්‍ය හැසිරවීමේ දී අතිරේක ආරක්ෂක පියවර ගනිමින් විශේෂ අවධානයක් ඒ සඳහා යොමු කළ යුතු බැවින් ඒ සඳහා වැඩි කාලයක් යෙදවීමට ද සිදු වේ.
Buy Kicks
|
Nike Air Force 1 , Sneakers , Ietp STORE