Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

07th December 2020 11:47:45 Hours

කොවිඩ් - 19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව සිටි පුද්ගලයින් 17,052 ක් සම්පූර්ණ සුවය ලබා පිටව ගොස් ඇති බව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි

අද (07) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාවෙන් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 649 දෙනෙකු හඳුනාගෙන ඇත. එම පුද්ගලයින් අතරින් එක් පුද්ගලයෙකු එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ සිට මෙරටට පැමිණි දේශීය පුද්ගලයෙකු වන අතර, ඉතිරි පුද්ගලයින් සියලුදෙනා දේශීයව හඳුනාගත් පුද්ගලයින් ලෙස වාර්ථා වේ. හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්ථා වන අතර ඒ ආසාදිතයින් 295 ක් වශයෙනි. ඊට අමතරව ගම්පහ ප්‍රදේශයෙන් ආසාදිතයින් 87 ක් සහ කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 51 ක් ලෙස වාර්ථා වේ.

අද (07) දින උදෑසන වනවිට, මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලට සහ කොළඹ මත්ස්‍ය වෙළඳපලට සම්බන්ධ පොකුරෙන් වාර්තා වූ කොවිඩ් - 19 වෛරසය ආසාදිත සම්පූර්ණ පුද්ගලයින් සංඛ්‍යාව 24,318 ක් වේ. ඉන් පුද්ගලයින් 17,052 දෙනෙකු මේ වනවිට පූර්ණ සුවය ලබා රෝහල්වලින් බැහැරව ගොස් ඇත.

ඊයේ (06) දින වනවිට, ශ්‍රී ලංකාව තුළ කොවිඩ්-19 වෛරසය ආසාදනය වු සම්පුර්ණ පුද්ගලයින් සංඛ්‍යාව 27,876 ක් වන අතර ඉන් පුද්ගලයින් 20,459 ක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් බැහැරව ගොස් ඇත. ඊයේ (06) දින වනවිට රෝහල් ගතව සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන තුළ පුද්ගලයින් 7,277 දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබයි.

අද (07) දින උදෑසන 0600 වනවිට (පසුගිය පැය 24 තුළ) රෝහල් ගතව සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන තුළින් පුද්ගලයින් 370 ක් පූර්ණ සුවය ලබා පිටව ගොස් ඇත.

අද (07) දින උදෑසන වනවිට (පසුගිය පැය 24 තුළ) ශ්‍රී ලංකාව තුළින් කොවිඩ්-19 වෛරසය ආසාදනය වී පුද්ගලයින් 03 දෙනෙකු මියගොස් ඇති අතර එම පුද්ගලයින් මග්ගොණ, කහතුඩුව සහ කෝට්ටේ යන ප්‍රදේශ වල පදිංචි පුද්ගලයින් ලෙස වාර්තා වේ. ඒ අනුව, අද (07) දින උදෑසන වනවිට ‍ශ්‍රී ලංකාව තුළින් කොවිඩ් - 19 ආසාදිත සම්පුර්ණ මරණ සංඛ්‍යාව 140 ක් දක්වා ඉහළ ගොස් ඇත.

අද (07) දින උදෑසන QR 668 දරණ මගී ගුවන් යානය මගින් කටාර් සිට පුද්ගලයින් 50 දෙනෙකු සහ UL 1264 දරණ මගී ගුවන් යානය මගින් සවුදි අරාබියේ සිට පුද්ගලයින් 52 දෙදෙනෙකු මෙරටට පැමිණ ඇති අතර, තවදුරටත් අද (07) දින උදෑසන UL 607 දරණ මගී ගුවන් යානය මගින් පකිස්ථානයේ සිට එක් පුද්ගලයෙකු සහ UL 102 දරණ මගී ගුවන් යානය මගින් මාලදිවයිනේ සිට පුද්ගලයින් 44 දෙනෙකු මෙරටට පැමි‍ණීමට නියමිතව ඇත. එසේ පැමිණෙන සියළු පුද්ගලයින් ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුළ නිරෝධායන කටයුතු සඳහා යොමු කිරීමට කටයුතු සූදානම් කර ඇත. අද (07) දිනයේදී ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 67 ක් තුළ පුද්ගලයින් 6,879 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටියි.

ඊයේ (06) දිනය තුල PCR පරික්‍ෂණ 14,125 ක් සිදුකර ඇත. Nike Sneakers | 2021 New adidas YEEZY BOOST 350 V2 "Ash Stone" GW0089 , Ietp