Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

18th November 2015 22:36:19 Hours

කොමිෂන් නොලත් නිළධාරී පුහුණු පාසල ලේ දන් දීමේ වැඩසටහනක් පවත්වයි

කලාඔය කොමිෂන් නොලත් නිළධාරී පුහුණු පාසල විසින් අඟහරුවාදා (17) දින එම පුහුණු පාසල් පරිශ්‍රයේදී ලේ දන් දීමේ වැඩසටහනක් පවත්වනු ලැබීය. අනුරාධපුර ශික්ෂණ රෝහලේ ජාතික රුධිර පාරවිලයන සේවාව විසින් කරනු ලැබූ ඉල්ලීමකට අනුව මෙම ලේ දන් දීමේ වැඩසටහන පවත්වනු ලැබීය. වෛද්‍ය එච්.එම්.ඒ.කේ රත්නායක සහ අනුරාධපුර ශික්ෂණ රෝහලේ ජාතික රුධිර පාරවිලයන සේවාවේ වෛද්‍ය ඩබ්ලිව්.එම් අශ්මීර් ඇතුළු 10 දෙනෙකුගෙන් සමන්විත වෛද්‍ය කාර්ය මණ්ඩලයක් විසින් මෙම ලේ දන් දීමේ කදවුර පැවැත්වීය. මෙම සත්කාර්ය සඳහා නිළධාරීන් සහ සෙසු නිළයින් 116 කට අධික පිරිසක් සහභාගි වූහ.latest jordans | 【発売情報】 近日発売予定のナイキストア オンライン リストックまとめ - スニーカーウォーズ