Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

30th December 2015 21:32:53 Hours

කොමිෂන් නොලත් නිළධාරී පුහුණු පාසලෙන් තවත් ආගමික වැඩසටහනක්

සාලියවැව කොම්ෂන් නොලත් නිළධාරී පුහුණු පාසල වෙතින් යුද හමුදාපතිතුමා ඇතුළු යුද හමුදාවටත් සමස්ථ ශ්‍රීලංකා වාසීන්ටත් ලබන්නා වූ නව වසර වෙනුවෙන් ආශිර්වාද පතා දෙසැම්බර් 26 දිනපිං පැමිණවීමේ දානමය පිංකමක් සංවිධානය කරනු ලැබීය. මෙහිදී දේශය වෙනුවෙන් දිවි පිදූ අභීත විරුවන් සහ සුනාමි ව්‍යාවසනයෙන් මිය ගිය වැසියන් ද සිහිකරමින් පිං පැමිණවීමේ කටයුතු සිදු කිරීම ද මෙම වැඩසටහනෙහි තවත් විශේෂත්වයකි. කොළඹ නව කෝරලේ සහ නව තොටමුනේ උප ප්‍රධාන සංඝණායක පූජ්‍ය රුක්මලේ ධම්මකිත්ති හිමියන් විසින් ආගමික වතාවත් සිදු කරනු ලැබීය. ශ්‍රී ලංකා රේගුවේ හිටපු අධිකාරි ශාන්ත කරුණාසේකර මහතා, රේගු අධිකාරි එස්.කේ.ඒ.එස් සේනානායක මහතා සහ ‘මිතුපියගම’ සංගමයේ සාමාජිකයින් ද මෙම සත්කාර්ය සඳහා දායක විය. මෙදින මහා සංඝ රත්නය 25 නමක් එම දානමය පිංකම සඳහා සහභාගි කරවා තිබුනි. buy shoes | Nike Air Max 270