09th December 2023 19:57:50 Hours
කොමිෂන් නොලත් නිලධාරීන්ගේ වෘත්තීය ප්‍රවර්ධනය වෙනුවෙන් පැවති ‘නායකත්වය’ පිළිබඳ විශේෂ පුහුණු පාඨමාලාව 2023 නොවැම්බර් මස 20 දින සිට දෙසැම්බර් මස 08 දින දක්වා අම්පාර සටන් පුහුණු පාසල් පරිශ්‍රයේදී පැවැත්විණි.
යුද්ධ හමුදාවේ රෙජිමේන්තු රැසක් නියෝජනය කරමින් කොමිෂන් නොලත් නිලධාරීන් 75 දෙනෙක් මෙම පාඨමාලාව සඳහා සහභාගී වූහ. පාඨමාලාව සමාප්තියේ අම්පාර සටන් පුහුණු පාසලේ අණදෙන නිලධාරී කර්නල් එම්.කේ.ඒ.ඩී. චන්ද්‍රමාල් විසින් සමාප්ති දේශනය පැවැත්වීමෙන් අනතුරුව පාඨමාලාව හැදෑරූ කොමිෂන් නොලත් නිලධාරීන් වෙත සහතිකපත් ප්‍රදානය කරනු ලැබීය.
පාඨමාලාවේ දක්‍ෂතම ශිෂ්‍යයා ලෙස 4 විශේෂ බලකායේ කෝප්‍රල් එච්.පී.ජී.ආර්. දිසානායක සම්මාන දිනාගත්තේය.
මෙම සහතික පත් ප්‍රධානෝත්සවය සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ උපදේශකවරුන් ද සහභාගී වූහ.