Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

14th September 2023 20:25:49 Hours

කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ නව උපකුලපති යුද්ධ හමුදාධිපති හමුවෙයි

කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයට අභිනවයෙන් පත් වූ උපකුලපති රියර් අද්මිරාල් එච්.ජී.යූ දම්මික කුමාර වීඑස්වී යුඑස්පී පීඑස්සී MMaritimePol BSc (DS) ඉකුත් බ්‍රහස්පතින්දා (14) දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ හමුවිය.

මෙම සුහද හමුවේදී යුද්ධ හමුදාපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එන්ඩීයූ නව පත්වීම්ලාභී රියර් අද්මිරාල් එච්.ජී.යූ ධම්මික කුමාර වීඑස්වී යූඑස්පී පීඑස්සී MMaritimePol BSc (DS), උපකුලපතිවරයා වෙත සිය සුභ පැතුම් පිරිනැමූ අතර එතුමන් එහිදි, දැනට පවතින කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ පුහුණු මොඩියුල සහ යෝජිත අධ්‍යයන කටයුතුවල ප්‍රගතිය පිළිබඳ පැහැදිලි කරන ලදී.

මෙම හමුව අවසානයේ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ සහ රියර් අද්මිරාල් එච්.ජී.යූ ධම්මික කුමාර වීඑස්වී යූඑස්පී පීඑස්සී MMaritimePol BSc (DS) අතර සමරුතිළිණ හුවමාරුවක්ද සිදුවිය.