Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

13th March 2020 21:22:55 Hours

කෙටි දැනුම්දීමකින්,  කහගොල්ල සහ දියතලාව යන ප්‍රදේශවල තවත් නිරෝධායන මධ්‍යස්ථාන දෙකක් ක්‍රියාත්මක කිරීමට යුද්ධ හමුදාව සමත්වෙයි

‘COVID-19’ වෛරසය පැතිරීම පාලනය කිරීම සඳහා රජය දරන උත්සාහයට ශ්‍රී ලංකා යුද්ධ හමුදාව තවත් උත්තේජකයක් ලබාදෙමින්, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී මෙන්ම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ගේ උපදෙස් පරිදි කහගොල්ල සහ දියතලාව යුද්ධ හමුදා මුලික රෝහල් පරිශ්‍රයන් තුළ කඩිනමින් වැඩිදියුණු කරන ලද තවත් නව නිරෝධායන මධ්‍යස්ථාන දෙකක් අද (12) දින මධ්‍යහනේ සිට ආරම්භ කිරීමට හැකියාව ලැබෙනු ඇත.

නිරෝධායන මධ්‍යස්ථාන දෙක භාර නිලධාරී මේජර් (වෛද්‍ය) එල්. ඩී. රත්නවීර මහතා පවසන පරිදි, වැඩිදියුණු කරන ලද කහගොල්ල නිරෝධායන මධ්‍යස්ථානයේ සහ ඉදිකරන ලද දියතලාව යුද්ධ හමුදා රෝහල් පරිශ්‍රයේ පිහිටි නිරෝධායන මධ්‍යස්ථානවල ශ්‍රී ලංකාවේ විදේශිකයන් සහ දකුණු කොරියානු ජාතිකයන් කිහිපදෙනෙකු නවාතැන් ගෙන ඇත. අට දෙනෙකුගෙන් යුත් වෛද්‍ය කණ්ඩායමක් අද (12) දින සන්ධ්‍යාව වන විට සෑම රැඳවියෙකුම පරීක්‍ෂා කිරීමෙන් පසු ඔවුන් පිළිබඳ මූලික නිරෝධායන ක්‍රියාපටිපාටි සම්පූර්ණ කර ඇත.

නිරෝධායන ක්‍රියාවලිය භාරව කටයුතු කරන යුද්ධ හමුදා නිවාරණ වෛද්‍ය හා මානසික සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්‍ෂ කර්නල් (වෛද්‍ය) ශවීන් සේමගේ ගේ ප්‍රධානත්වයෙන් යුත් විශේෂ වෛද්‍ය කණ්ඩායමක් පූනානි, කන්දකඩු, කහගල්ල සහ දියතලාව යන ප්‍රදේශවල පිහිටි නිරෝධායන මධ්‍යස්ථානවල සිදුකරන සමස්ත මෙහෙයුම් සම්බන්ධීකරණය කර උපදෙස් ලබා දෙනු ඇත.

මධ්‍යම ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ලක්සිරි වඩුගේ ගේ උපදෙස් මත මධ්‍යම ආරක්‍ෂක සේනා මූලස්ථානයේ භට පිරිස් මෙම හදිසි තත්ත්වය වෙනුවෙන් ඔවුන්ගේ සම්බන්ධීකරණය හා වෙනත් පහසුකම් සැපයීම තුළින් සහාය දක්වනු ලැබීය. affiliate tracking url | Patike