Skip to main content
Header Block Sinhala
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව
ජාතියේ ආරක්ෂකයා
ENGLISH
தமிழ்
තවදුරටත් සොයන්න
යොමු පෙළගැස්ම
Toggle navigation
මුල් පිටුව
තතු විමසුම
ශ්‍රි ලංකා යුද්ධ හමුදාව
යුද්ධ හමුදාධිපති
යුද්ධ හමුදා ධජය
යුද්ධ හමුදා ගීතය හා ගී පද මාලාව
නිල ඇඳුම් රෙගුලාසි
සේවා රෙගුලාසි
පදක්කම්
යුද්ධ හමුදා රෝහල්
රණවිරු ප්රවීණයන්ගේ පිටුව
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම
අප ගැන
අපගේ ඉතිහාසය
හිටපු යුද්ධ හමුදාධිපතිවරුන්
විශේෂ සබැඳි
සුභසාධන හා පුනරුත්ථාපන වැඩසටහන්
පුහුණුවීම්
පාසල් ඇතුළත්කිරිම්
කොළඹ ආරක්ෂක සමුළුව
1 බලකාය
ආරක්ෂක සේනා මුලස්ථානය - යාපනය
ආරක්ෂක සේනා මුලස්ථානය - වන්නි
ආරක්ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මුලතිව්
ආරක්ෂක සේනා මුලස්ථානය - බටහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මධ්‍යම
පුවත්
මුල් පුවත
උණුසුම් පුවත්
පුවත් විශේෂාංග
සිවිල් යුද්ධ හමුදා සම්බන්ධීකරණ ව්‍යාපෘති
සේවා වනිතා
සුභසාධන
පුහූණු
එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි
ක්‍රීඩා
මාධ්‍ය එකතුව
ඡායාරූප
වීඩියෝ
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ දේශන
පුවත් ලේඛණාගාරය (2009 - 2015)
පුවත් ලේඛණාගාරය(2002 - 2009)
ප්‍රකාශන
E - පුවත්පත
රණවිරුවා සඟරාව
සෙබල සිතුවිලි
සරඹ උපදේශන සංග්‍රහය
මහජන සෞඛ්‍ය බුලටීනය
මිල ගණන් කැඳවීම්
අප හා එක්වන්න
යුද්ධ හමුදා දිවිපෙවෙත
නිලධාරීන් සහ නිලධාරිනියන්
සෙසුනිල සෙබළ සෙබළියන්
අප අමතන්න
12th February 2016 21:31:06 Hours
කිළිනොච්චි සහ මුලතිව් ආඥාපතිවරුන් එම බල ප්‍රදේශයන්හි සංචාරයක
කිළිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර පෙබරවාරි මස 5 වන දින සිට 9 වන දින දක්වා එම ආරක්ෂක සේනා මූලස්ථානයට අයත් 57 වන සේනාංකය යටතේ ස්ථාපිත බලඇණිවල සංචාරයක නිරත විය. එම අවස්ථාවේදී අණ දෙන නිලධාරීන් විසින් ආඥාපතිතුමා උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව එම බලඇණිවල ඉදිරිසැලසුම්, ආරක්ෂක තොරතුරු මෙන්ම සිවිල් සම්බන්ධීකරණ ක්‍රියාකාරකම් පිලිබඳව තොරතුරු ඉදිරිපත් කරනු ලැබීය. මෙහිදී එම බලඇණිවල සෙබලුන් විසින් කිළිනොච්චි ආඥාපතිතුමා හට හමුදා සම්ප්‍රදායානුකූලය ආචාර සම්මාන මුරයක් ද පිරිනමනු ලැබීය. එමෙන්ම එදිනය මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර 9 වන විජයබාහු පාබල රෙජිමේන්තුවෙහි ද සංචාරයක නිරත වූ අතර, එහිදී එම බලඇණි අණදෙන නිලධාරී විසින් ආඥාපතිතුමා පිළිගනු ලැබීය. පෙබරවාරි මස (9) දින ආඥාපතිතුමා විසින් 9 වන විජයබාහු රෙජිමේන්තු භටපිරිස් ඇමතූ අතර, එහිදී අනාගත අභියෝගවලට මුහුණ දීමේදී බලඇණි පුහුණු වැදගත් වන ආකාරය පිලිබඳව කරුණු අවධාරණය කරනු ලැබීය. මෙම සංචාරය සඳහා 57 වන සේනාංකයේ සේනාංකාධිපති, බලසේනාධිපතිවරුන්, අණ දෙන නිලධාරීන් සහ නිලධාරීන් බෙහෝ පිරිසක් සහභාගි වූහ. මේ අතරතුර මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් පී.යූ.එස් විතානගේ එම ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 681 බලසේනාවෙහි සංචාරයක නිරත විය. එහිදී 681 බලසේනාවේ බලසේනාධිපති කර්නල් ඩී.එම්.පී.එස් දිසානායක විසින් ආඥාපතිතුමා පිළිගනු ලැබීය. පසුව14 වන විජයබාහු පාබල රෙජිමේන්තු භටපිරිස් විසින් ආඥාපතිතුමා වෙත ආචාර සම්මාන මුරයක් පිරිනමනු ලැබීය. එම සංචාරය සිහිගන්වමින් ආඥාපතිතුමා බලසේනා මූලස්ථානයේ පොල් පැළයක් ද රෝපණය කරන ලදී. මෙම සංචාරයේ දී 681 බලසේනාවේ බලසේනාධිපති විසින් එම බලසේනා භට පිරිස් හි කාර්ය භාර්යයන් පිළිබඳව විස්තර ආඥාපතිතුමා වෙත ඉදිරිපත් කරනු ලැබීය. අවසනයේ ආඥාපතිතුමා නිළධාරීන් සහ සෙසු නිළයින් සමඟ දිවා භොජන සංග්‍රහයකට සහභාගී වීමෙන් පසු විශේෂ අමුත්තන් සඳහා වූ පොතෙහි ද අත්සන් තබනු ලැබීය.
jordan Sneakers
|
Nike SB