Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

11th August 2019 18:42:10 Hours

කිළිනොච්චි යුද්ධ හමුදා සාමාජිකයින් විසින් කෝවිල් පරිශ්‍රයන් පිරිසිදු කිරිම සඳහා ශ්‍රමදානයක් සංවිධානය කරයි

කිළිනොච්චි ආරක්‍ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 65 වන සේනාංකය යටතේ ඇති 651 සහ 652 යන බලසේනාවන් හි යුද්ධ හමුදා සාමාජිකයින් විසින් මෙම ශ්‍රමදාන වැඩසටහන ඉකුත් අගෝස්තු මස 5 සිට 7 දින දක්වා කාල සීමාව තුළ ප්‍රදේශය තුළ ඇති හමුදා සහ සිවිල් අන්තර් සම්බන්ධතා ව්‍යාපෘතින් සවිබල ගැන්වීම සඳහා සංවිධානය කරන ලදි.

651 වන බලසේනාව යටතේ ස්ථාපිත 11 වන ගජබා රෙජිමේන්තුවේ යුද්ධ හමුදා සාමාජිකයින් විසින් කරියලනගපඩ්ඩ්වන් වෛරවන් කෝවිල් පරිශ්‍රය, දොන් බොස්කෝ පෙර පාසල් පරිශ්‍රය සහ නාච්චිකුඩා ග්‍රාම සේවා කාර්යාල පරිශ්‍රය පිරිසිදු කිරීම වෙනුවෙන් මෙම ශ්‍රමදාන වැඩසටහන දියත් කරනු ලැබීය.

මේ අතර, 652 වන බලසේනාව යටතේ ස්ථාපිත 20 වන (ස්වෙච්ඡා) විජයබාහු පාබල රෙජිමේන්තුවේ යුද්ධ හමුදා සාමාජිකයින් විසින් කෝනවිල් යුනියන්කුලම් කට්ට අම්මාන් කෝවිල් පරිශ්‍රය පිරිසිදු කිරීම සඳහා ශ්‍රමදාන වැඩසටහනක් සංවිධානය කළ අතර මෙම ශ්‍රමදාන ව්‍යාපාරය සඳහා යුද්ධ හමුදා නිලධාරීන් සහ සිවිල් වැසියන් 60 කට අධික පිරිසක් සහභාගී වූහ.

මෙම ශ්‍රමදාන වැඩසටහන් මාලාව කිළිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය ගේ උපදෙස් පරිදි 65 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් වසන්ත කුමාරප්පෙරුම ගේ අධික්‍ෂණය යටතේ සිදුකරන ලදි. Sport media | Sneakers Nike Shoes