Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

30th June 2016 12:32:54 Hours

කිළිනොච්චි භට පිරිස් දිසා රෝහල වෙත වෛද්‍ය උපකරණ බෙදා දීමේ වැඩසටහනක් සංවිධානය කරයි

කිළිනොච්චි ආරක්ෂක සේනා ආඥාපතිගේ උපදෙස් මත එම ආරක්ෂක සේනා මූලස්ථාන හත්වන සංවත්සරය නිමිත්තෙන් කිළිනොච්චි දිසා රෝහලේ දැඩි සත්කාර ඒකකය වෙත අත්‍යාවශ්‍ය වෛද්‍ය උපකරණ තොගයක් සෙනසුරාදා (25) දින පරිත්‍යාග කරන ලදී. 571 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් අජිත් කොළඹ තන්ත්‍රිගේ මූලිකත්වයෙන් එම අත්‍යාවශ්‍ය වෛද්‍ය උපකරණ තොගය කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචි සේනක රොද්‍රිගෝ මහතා විසින් පරිත්‍යාග කරන ලදී. එම අත්‍යාවශ්‍ය වෛද්‍ය උපකරණ තොගය කිළිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර සමගින් සේනක රොද්‍රිගෝ මහතා එක්ව කිළිනොච්චි දිසා රෝහලේ වැඩ බලන අධ්‍යක්ෂ වෛද්‍ය නිශාදි රණසිංහ මහත්මිය වෙත පරිත්‍යාග කරනු ලැබීය. මෙම උපකරණ අතර, දැඩි සත්කාර ඒකකය වෙත ඇදන් දෙකක් සහ පුටු දෙකක් ද වේ. එම වෛද්‍ය උපකරණ තොගය ලබා දීම පිළිබඳවවෛද්‍ය නිශාදි රණසිංහ විසින් කිළිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති,57 වන සේනාංකයේ සේනාකංධිපති බ්‍රිගේඩියර් අනුර සුදසිංහ, 571 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් අජිත කොළඹතන්ත්‍රි සහ වෛද්‍ය උපකරණ පරිත්‍යාග කරනු ලැබූ සේනක රොද්‍රිගෝ මහතා වෙත සිය අවංක ස්තුතිය පිරිනමනු ලැබීය. එම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, දානපතියන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් මෙන්ම රෝහලේ කාර්ය මණ්ඩලය ද සහභාගි වූහ.jordan Sneakers | Ανδρικά Nike