Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

11th May 2020 08:00:24 Hours

කිළිනොච්චි භටපිරිස්, අඩු ආදායම්ලාභී අවශ්‍යතා සහිත පවුලකට ගෘහ භාණ්ඩ පරිත්‍යාග කරයි

වෙසක් සමය මුල් කොටගෙන ඉකුත් සිකුරාදා (08) දින කිලිනොච්චි භටපිරිස් කරච්චි ප්‍රාදේශීය ලේකම් කාර්යාලය යටතේ ඇති පොන්නගර් ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුලක නිවස අවට පිරිසිදු කිරීමෙන් අනතුරුව නිවසට අවශ්‍ය ගෘහ භාණ්ඩ තොගයක් පරිත්‍යාග කරනු ලැබිණි. මෙහිදී, පිඟන්, ආහාර පිසීමට අවශ්‍ය භාණ්ඩ, බේසම්, වියළි ආහාර ඇතුළු තවත් අත්‍යවශය ගෘහ භෘණ්ඩ තොගයක් පරිත්‍යාග කිරීම සඳහා කිළිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථානයේ නිලධාරින් සහ සෙසු නිලයින් එක්විය.

මෙම මානුෂීය ව්‍යාපෘතිය කිළිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ජයන්ත ගුණරත්න ගේ මඟ පෙන්වීම යටතේ එම ආරක්‍ෂක සේනා මූලස්ථානයේ බ්‍රිගේඩියර් ජෙනරාල් මාණ්ඩලික ගේ සමීප අධීක්‍ෂණය යටතේ දියත් කරනු ලැබිණි. මෙම ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීම ශ්‍රම දායකත්වය සහ මූල්‍යමය දායකත්වය එම ආරක්‍ෂක සේනා මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයන් සහය ලබාදෙන ලදී. Sports Shoes | Nike Shoes, Clothing & Accessories