Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

05th February 2016 21:10:09 Hours

කිළිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය නිදහස් දිනය නිමිත්තෙන් විශේෂ වැඩසටහන් රැසක

කිළිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය විසින් 68 වන නිදහස් සංවත්සරයට සමගාමීව කිළිනොච්චි කරුණානිලයම් කාන්තා සහ ළමා නිවාසය සඳහා බ්‍ර‍ස්පතින්දා (4) දින දිවා ආහාර වේලක් පිරිනමා ඇත. ආබාධිත ළමුන් 30 දෙනෙකු සහ මන්දමානසික වැඩිහිටියන් 20 දෙනෙකු රැකවරණය ලබන මෙම නිවාසය සඳහා කිළිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර ඇතුළු නිළධාරීන් සහ සෙසු නිළයින් විසින් සත්කාර්යය සිදු කරනු ලැබීය. එම අවස්ථාවේ කිළිනොච්චි ආඥාපතිතුමා ඇතුළු පිරිස කිළිනොච්චි ලංකා සභාවේ කළමණාකාර පූජක එස්.කේ ඩැනියෙල් පියතුමා විසින් පිළිගන්නා ලදී. අනතුරුව ආඥාපතිතුමා විසින් එම නිවාසයේ සේවක මණ්ඩලය 15 දෙනෙකු වෙත ද දිවා ආහාරය පිළිගන්වා එහි විශේෂ අවශ්‍යතා සහිත ළමුන් සඳහා ද ත්‍යාග පාර්සල් ද බෙදා දෙනු ලැබීය. latest Running | Nike Shoes