Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

06th October 2016 16:30:38 Hours

කිළිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති 65 වන සේනාංක පුහුණූ පාසලේ සංචාරයක

කිළිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර මුලන්කාවිල් හි පිහිටි 65 වන සේනාංක මූලස්ථානයෙහි සහ එම පුහුණූ පාසලෙහි බදාදා (5) දින සංචාරයක නිරත විය.

මෙහිදී 65 වන සේනාංකයෙහි සේනාංකාධිපති බ්‍රිගේඩියර් ඩබ්ලිව්.ඒ.එස් වීරවර්ධන විසින් කිළිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.

අනතුරුව මේජර් ජෙනරාල් කරුණාසේකර විසින් 65 වන සේනාංක භට පිරිස් අමතමින් සාමකාමී වටපිටාවක් තුළ පුහුණු කටයුතුවල වැදගත්කම මෙන්ම යුද හමුදා විනය උසස් මට්ටමින් පවත්වා ගැනීම සම්බන්ධයෙන් වැඩිදුර අදහස් ඉදිරිපත් කරනු ලැබීය. තවද ආඥාපතිවරයා කිළිනොච්චි ප්‍රදේශයේ සංහිදියාව පවත්වාගෙන යාම වෙනුවෙන් සිවිල් ජනතාව සමග හොඳ හිත පවත්වාගෙන යාමේ වැදගත්කම පිළිබඳව ද අදහස් දක්වනු ලැබීය.

දේශණයෙන් අනතුරුව ආරක්ෂක සේනා ආඥාපතිවරයා සේනාංක පරිශ්‍රය තුළ සංචාරය කළ අතර, භට පිරිස්වල පහසුකම් පිලිබඳව සොයා බලනු ලැබීය.

අවසානයේ දී මුලන්කාවිල් හි පිහිටි ඒකක පුහුණූ පාසලේ සංචාරය කළ අතර, එහි ඇති පහසුකම් පිළිබඳව සොයා බැලීය. මෙහිදී පුහුණූ පාසලේ ප්‍රධාන උපදේශක විසින් පුහුණු කටයුතු සහ කාර්යාල පරිපාලන කටයුතු පිළිබඳව කරුණු ඉදිරිපත් කරනු ලැබීය.

 

65 වන සේනාංකයට අයත් බලසේනාධිපතිවරුන්, අණදෙන නිලධාරීවරුන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයින් මෙම අවස්ථාවට එක් විය.

Sports Shoes | adidas