Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

27th May 2017 14:22:31 Hours

කිලිනොච්චි ‘නවනිපැයුම් - 2017’ ප්‍රදර්ශනය විවෘත කෙරේ

කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් අජිත් කාරියකරවන ගේ මුලිකත්වයෙන් එම ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත සියලුම සේනාංක, බලසේනා සහ ඒකකයන්හි සේවයේ නියුතු සෙබලුන්ගේ නිර්මාණාත්මක හැකියාවන් විදහාපාන ‘කිලිනොච්චි නවනිපැයුම් - 2017’ ප්‍රදර්ශනය අද (26) උදෑසන නෙළුම් පියස ශ්‍රවණාගාරයේ දී විවෘත කරන ලදි.

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා ගේ යෝජනාවකට අනුව යුද්ධ හමුදා සාමාජිකයින්ගේ නිර්මාණාත්මක හැකියාවන් වර්ධනය කිරිමේ අරමුණින් යුතුව මෙම වැඩසටහන මීට වසර කිහිපයකට පෙර ආරම්භ කළ අතර, මේ වන විට යාපනය ආරක්ෂක සේනා මූලස්ථාන ඇතුලු අනෙකුත් ආරක්ෂක සේනාවන්හි මෙම ප්‍රදර්ශනය පවත්වනු ලැබීය.

‘කිලිනොච්චි නව නිපැයුම් - 2017’ ප්‍රදර්ශනය සඳහා භට පිරිස් විසින් නිර්මාණය කළ නව නිවාස ආරක්ෂක පද්ධතියක්, නව එලවළු කැපීමේ යන්ත්‍රයක් හා නව සම්ප්‍රේෂණ පද්ධතියක් ඇතුලු නව නිපැයුම් රැසක් ඉදිරිපත් කර ඇත.

කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් අජිත් කාරියකරවන විසින් අද (26) උදෑසන මෙම ප්‍රදර්ශනය විවෘත කරනු ලැබූ අතර, කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානය සහ ඉදිරි නඩත්තු පෙදෙස යටතේ සේවයේ නියුතු භට පිරිස් මෙම ප්‍රදර්ශනය සාර්ථක කර ගැනීම සඳහා සිය දායකත්වය දැක්වූහ.

කිලිනොච්චි නියොජ්‍ය පොලිස්පති මහේෂ් වැලිකන්න මහතා, කිලිනොච්චි ඉදිරි නඩත්තු පෙදෙසේ ආඥාපති මේජර් ජෙනරාල් බිමල් විතානගේ, 57, 65 සහ 66 යන සේනාංකයන්හි සේනාංකාධිපතිවරුන්, බලසේනාධිපතිවරුන්, අණදෙන නිලධාරීන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, අනෙකුත් නිලධාරීන් සහ සෙසු නිලයින් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

මෙම ප්‍රදර්ශනය පාසල් ළමුන් ඇතුලු මහජනතාව වෙනුවෙන් සෙනසුරාදා (27) දින දක්වා නෙළුම් පියස ශ්‍රවණාගාරයේ දී විවෘතව පවතියි.

Nike Sneakers Store | Zapatillas de running Nike - Mujer