Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

23rd November 2016 12:38:56 Hours

කිලිනොච්චි හා මධ්‍යම භට පිරිස් දැනුවත් කිරීමේ වැඩසටහන්

කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානය විසින් ඒ යටතේ සේවයේ නියුතු යුද හමුදා සාමාජිකයින් වෙනුවෙන් ‘වෛද්‍ය ගැටලු’ පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක් පවත්වන ලදි.

සඳුදා (21) දින පැවති මෙම වැඩසටහන මහනුවර ශික්ෂණ රෝහලේ වෛද්‍ය වෘත්තීකයින් විසින් මෙහෙය වූ අතර, භට පිරිස් වෙත එදිනෙදා ඇති වන වෛද්‍ය ගැටලු පිළිබඳව මෙහිදි සාකච්ජා කරන ලදි.

ඒ අනුව මෙම වැඩසටහන උපත් පාලනය, පවුල් සැලසුම් සහ ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයට අදාල කරුණු, සමහර යුද හමුදා සාමාජිකයින් අතර පවතින බෝ නොවන රෝග සම්බන්ධව ආදි පුළුල් දේශනවලින් සමන්විත විය.

යුද හමුදා සාමාජිකයින් 230 කට ආසන්න පිරිසක් සහභාගි වූ මෙම දේශන මහනුවර ශික්ෂණ රෝහලේ ප්‍රසව හා නාරිවේද අංශයේ උපදේශකවරුන් වන වෛද්‍ය ශාරද හේමප්‍රිය මහතා සහ වෛද්‍ය චමින්ද හුණුකුඹුර මහතා විසින් මෙහෙය විය.

එමෙන්ම, මධ්‍යම ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් පි.යු.එස්. විතානගේ ගේ ඉල්ලීම මත කොළඹ යුද හමුදා රෝහල වෙතින් ක්‍රියාත්මක ‘නිරෝගිමත් හමුදාවක් - නිරෝගීමත් දැයක්’ ව්‍යාපෘතිය යටතේ තවත් වැඩසටහනක් දියතලාව, මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථාන පරිශ්‍රයේ දී පවත්වන ලදි.

2 (සෙව්) ශ්‍රී ලංකා යුද හමුදා වෛද්‍ය බලකාය විසින් මෙහෙයය වූ මෙම වැඩසටහනේ දී මත්පැන්, දුම්වැටි වැනි මත්ද්‍රව්‍ය හා තෙල් සහිත ආහාර වර්ග සහ පැණි බිම භාවිතා කරමින් වැළදෙන රෝගාබාධ සහ අතුරු ආබාධ ආදිය පිළිබඳ දේශන පැවැත් වූ අතර, ඒ සඳහා නිලධාරීන් සහ සෙසු නිලයින් 45 දෙනෙකු සහභාගි වූහ.

jordan release date | adidas poccnr jumper dress pants size