Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

09th January 2020 16:51:42 Hours

කිලිනොච්චි භටපිරිස්හි මුලිකත්වයෙන් අඩු ආදායම්ලාභි පවුල්වල පාසල් සිසුන් 275 දෙනෙකුට පාසල් උපකරණ බෙදාදෙයි

කිලිනොච්චි ප්‍රදේශයේ අඩු ආදායම්ලභී පවුල්වල සිසුන්ගේ අධ්‍යාපන මට්ටම ඉහළ නැංවීමේ අරමුණින් කිලිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 573 වන බලසේනා බලප්‍රදේශයේ පදිංචි අඩු ආදායම්ලාභී පවුල්වල සිසුන් 275 දෙනෙකු වෙත පාසල් උපකරණ බෙදාදීමේ උත්සවයක් ඉකුත් සඳුදා (06) දින කොරක්කන්කඩ්ඩු ශාන්ත අන්තෝනි රෝමානු කතෝලික පාසලේ දී සහ දකුණු වට්ටකච්චි දමිළ මිශ්‍ර පාසලේ දී පැවැත්විණි.

මෙම පාසල් උපකරණ පරිත්‍යාගශීලි සුරේන් මැල්කම් ද සිල්වා මහතාගේ අනුග්‍රහය ඇතිව බෙදාදුන් අතර එම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ජයන්ත ගුණරත්න සහභාගි විය.

මෙලෙස බෙදාදෙනු ලැබූ සෑම ත්‍යාග පර්සලයකම අභ්‍යාස පොත්, පෑන්, පැන්සල් ඇතුළු පාසල් උපකරණ අඩංගු විය. 1 සිට 11 ශ්‍රේණිය දක්වා මෙම පාසල් දෙකෙහිම අධ්‍යාපනය ලබන අඩු ආදායම්ලාභී පවුල්වල සිසුන් මෙලෙස පාසල් උපකරණ පරිත්‍යාග කිරීම සඳහා තෝරාගන්නා ලදී.

මෙම පාසල් උපකරණ බෙදාදීමේ උත්සව දෙකම කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන්ගේ උපදෙස් මත 573 බලසේනාව විසින් සංවිධානය කරන ලදී. තවද, මෙම උත්සවයන් සඳහා 573 වන බලසේනාවේ බලසේනාධිපති, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, අනෙකුත් නිලධාරීන්, විදුහල්පතිවරුන්, ගුරුවරුන් සහ සිසුන් සහභාගි වූහ. affiliate tracking url | Patike – Nike Air Jordan, Premium, Retro Klasici, Sneakers , Iicf