Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

20th November 2023 20:19:41 Hours

කිලිනොච්චිය ප්‍රදේශයේ ආරක්‍ෂක අංශ ප්‍රදේශයේ නීතිවිරෝධී සහ සමාජ විරෝධී ක්‍රියාකාරකම් වැළැක්වීම සඳහා එක් වෙයි

553 පාබල බලසේනාවේ මූලිකත්වයෙන් කිලිනොච්චි ප්‍රදේශයේ සමාජ විරෝධී සහ නීති විරෝධී ක්‍රියාකාරකම් වැළැක්වීම සඳහා කිලිනොච්චි දිස්ත්‍රික්කයේ ආරක්‍ෂාව වැඩි කිරීමේ සාමූහික උත්සාහයක් වශයෙන් යුද්ධ හමුදාවේ, පොලිසියේ, විශේෂ කාර්ය බළකායේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ රාජ්‍ය නිලධාරීන් එක්ව පසුගිය බ්‍රහස්පතින්දා (නොවැම්බර් මස 09) දින 55 පාබල සේනාංක මූලස්ථානයේ රැස්වී සාකච්ඡාවක නිරත වූහ.

55 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ආර්.කේ.එන්.සී ජයවර්ධන ආර්එස්පී එන්ඩීසී ගේ උපදෙස් මත 553 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ජී.එස්.කේ පෙරේරා ආර්එස්පී ගේ මඟපෙන්වීම යටතේ පළමු රැස්වීම පැවැත්වීය.

වැඩසටහනේදී සිවිල් සමාජයට සහ ප්‍රජා සුබසාධනයට තර්ජනයක් වන වැලි ගොඩදැමීම, නීති විරෝධී මත්පැන් නිශ්පාදනය හා බෙදා හැරීම, මත්ද්‍රව්‍ය ජාවාරම්, සොරකම් වැනි නීති විරෝධී සහ සමාජ විරෝධී ක්‍රියාකාරකම් පිළිබඳව අවධානය යොමු විය.

ප්‍රජා සංවර්ධනය සහ ජාතිය ගොඩනැගීමේ කාර්යය සඳහා වන වගකීම් පිළිබඳවත් මෙම නීති විරෝධී ක්‍රියාවන් ඵලදායී ලෙස මැඩපැවැත්වීම සඳහා සියලුම රාජ්‍ය ආයතනවල ඒකාබද්ධ යාන්ත්‍රණයක අවශ්‍යතාවය පිළිබඳවත් සේනාංකාධිපතිතුමන් විසින් අවධාරණය කරන ලදී.

කිලිනොච්චි දිස්ත්‍රික්කයේ වැසියන්ට ප්‍රීතිමත්, සුරක්‍ෂිත අනාගතයක් ඇති කිරීමටත්, ප්‍රදේශයේ නීතිවිරෝධී ක්‍රියා වැළැක්වීමටත්, 55 පාබල සේනාංකය ප්‍රදේශය තුළ ස්ථානගතවීමෙන් අනතුරුව ආරක්‍ෂක අංශ සම්බන්ධීකරණ කරමින් නියමු සමුළුවක් වශයෙන් මෙය පවත්වනු ලැබීය.