Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

21st October 2016 00:17:25 Hours

කිරන්චි ජංගම වෛද්‍ය සායනය සඳහා 500 කට අධික පිරිසක්

කිළිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 663 බලසේනාව සහ 2 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළු සෙබලුන් එක්ව පූනරින් හි කිරන්චි ග්‍රාමසේවා වසමෙහි සිවිල් වැසියන් සඳහා ඉරිදා (16) දින ජංගම වෛද්‍ය සායනයක් පවත්වා ඇත.

බලාපොරොත්තු වූ පිරිසටත් වඩා වැඩියෙන් එනම් සිවිල් වැසියන් 580 දෙනෙකු පමණ එම වෛද්‍ය සායනය වෙත පැමිණි අතර, එහිදී ඔවුන්ගේ විවිධ රෝගී තත්වයන් සඳහාත් මුඛ රෝග සඳහාත්, ඇස් පෙනීමේ දුර්වලතා සහ කන් ඇසීමේ දුර්වලතා සම්බන්ධයෙන් ද එදින සන්ධ්‍යාව වන තෙක් ප්‍රතිකාර ලබා දීම සිදු කරන ලදී.

මෙම ව්‍යාපෘතිය 66 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් දුමින්ද කැප්පෙටිවලනාගේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වූ අතර, 66 වන සේනාංකයේ ඉල්ලීම පරිදි කිළිනොච්චි ප්‍රාදේශීය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් කාර්යාලය වෙතින් මේ සඳහා වෛද්‍ය නිලධාරීන්, දන්ත වෛද්‍ය නිලධාරීන් , පරිපූරක වෛද්‍ය වෘත්තීකයින් සහ ඔවුන්ගේ සහයකයින් පැමිණ සිටියහ.

පැමිණ සිටි අයවලුන් අදාල විශේෂඥයින් වෙත යොමු කිරීමට ප්‍රථම දෘෂ්‍යාබාධ, ශ්‍රවණාබාධ සහ සෞඛ්‍ය තත්වයන් පිළිබඳව නිරීක්ෂණය කළ අතර, රෝගීන් අතරින් අවශ්‍යතාවය මත අත්‍යවශ්‍ය ඖෂධ වර්ග ලබා දීම ද සිදු කරන ලදී.

මෙහිදී භට පිරිස් විසින් පැමිණි රෝගීන් සියලු දෙනා හට අවශ්‍ය සහය සමගින් ආහාර පාර්සල් සහ කෙටි ආහාර ලබා දෙනු ලැබීය.

best shoes | Best Selling Air Jordan 1 Mid Light Smoke Grey For Sale 554724-092