12th July 2024 13:22:34 Hours
මැණික් ගඟ හරහා ගමන්කරමින් සිටියදී 2024 ජුලි මස 06 දින ඛේදජනක අයුරින් කිඹුල් ප්‍රහාරයකට ලක්ව තුවාල ලැබූ බැතිමතෙකු ජීවිතක්‍ෂයට පත්විය. එම හේතුවෙන්, තවදුරටත් එවැනි සිදුවීම් වළක්වාගැනීම සඳහා මැණික් ගඟ හරහා අඩි 83 ක දිගකින් යුත් දැලක් සවිකරනු ලැබීය. 12 පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන්ගේ අධීක්‍ෂණය මත නාවික හමුදාව, පොලීසිය සහ වනජීවී බලධාරීන්ගේ සහයෝගය ඇතිව මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලැබීය.
කතරගම උත්සවයේ ආරක්‍ෂක පියවරයන් සහතික කිරීමේ අරමුණින් එම උත්සවයේ ප්‍රධාන පාර්ශවකරුවන් සමඟ සම්මන්ත්‍රණයක් පැවැත්විණි. මීට සමගාමීව, ආරක්‍ෂක උපදෙස් ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් ඒකාබද්ධ ආරක්‍ෂක ස්ථානයක් ද ස්ථාපිත කර ඇත. එම උත්සවය සඳහා සහභාගිවන්නන්ගේ ආරක්‍ෂාව තහවුරු කිරීම සහ තවදුරටත් සිදුවිය හැකි අවදානම් සහගත ක්‍රියාවන් වළක්වාගැනීමේ අරමුණින් මෙම පියවරයන් ගනු ලැබීය.