Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

15th March 2023 05:25:13 Hours

කෑගල්ල නගරයේ ඇති වූ ගින්නක් මැඩපැවැත්වීමට යුද්ධ හමුදා සාමාජිකයන්ගේ දායකත්වය

කෑගල්ල නගරයේ රන්වැල්ල හන්දිය අසල පිහිටි තාවකාලික නිවාස දෙකක පසුගිය සඳුදා (13) දින ඇති වූ ගින්නක් මැඩපැවැත්වීම සඳහා ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත 61 වන පාබල සේනාංකයට අයත් 611 වන පාබල බලසේනා බලප්‍රදේශයේ පිහිටි 8 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ සාමාජිකයන් පිරිසක් සිය සහයෝගය දැක්වූහ. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් කරනු ලැබූ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් 8 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ නිලධාරීන් දෙදෙනෙකු සහ සෙසුනිලයන් 15 දෙනෙකු කඩිනමින් එම ස්ථානය වෙත ගොස් මාවනැල්ල ගිනි නිවීමේ ඒකකය සහ කෑගල්ල පොලිස් නිලධාරීන් සමඟ සහයෝගයෙන් යුතුව වේගයෙන් පැතිරෙමින් පැවති ගින්න නිවා දැමීමට කටයුතු කළහ. ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර ගේ උපදෙස් මත 611 වන පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් සුජීව එරගොඩ සහ 8 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී මේජර් ඒ.ඒ. ඒකනායක එක්ව මෙම කාර්යය සමීපව අධීක්‍ෂණය කරනු ලැබූහ.