Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

25th April 2023 18:01:20 Hours

කරුවලගස්වැව ප්‍රදේශයේ ගර්භනී මාතාවන් වෙත යුද්ධ හමුදා භටපිරිස් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය පරිත්‍යාග කරයි

ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත 143 පාබල බලසේනාවේ සහ 16 ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් පසුගිය සෙනසුරාදා (22) දින කරුවලගස්වැව තබ්බෝව පුරාණ රජමහා විහාරස්ථාන පරිශ්‍රයේදී එම ප්‍රදේශයේ ගර්භනී මාතාවන් සහ දරු දැරියන් 50 දෙනෙකු වෙනුවෙන් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය පරිත්‍යාගයක් සිදුකරනු ලැබීය.

මේජර් ජෙනරල් ටී.ඩී වීරකෝන් (විශ්‍රාමික) ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී ගේ සම්බන්ධීකරණය මත උද්‍යානි මුණසිංහ මහත්මිය සහ ඇයගේ සහයකයින් විසින් ලබාදුන් අනුග්‍රාහකත්වය මත භටපිරිස් විසින් ප්‍රදේශයේ ගර්භනී මාතාවන් 50 දෙනෙකු වෙත පෝෂණ ද්‍රව්‍ය, ඇඳුම් සහ කුඩා දරුවනු සඳහා භාවිතා කරන උපකරණ ඇතුලත් පාර්සල් සහ අඩු ආදායම්ලාභී පවුල්වල සිසු සිසුවියන් වෙනුවෙන් පාසල් උපකරණ පරිත්‍යාග කරනු ලැබීය.

ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් ඩී.එම්.කේ.ඩී.බී. පුස්සැල්ල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී සහ 14 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ජේ.එම්.ආර්.එන්.කේ ජයමාන්න ආර්ඩබ්ලිව්පී ගේ මඟපෙන්වීම මත 143 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ටී.එම්.එෆ් කිචිලාන් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී කරුවලගස්වැව, තබ්බෝව පුරාණ රජමහා විහාරස්ථානයේ භික්‍ෂුන් වහන්සේලා සමඟ සාකච්ඡා කර මෙම පරිත්‍යාග වැසටහන සංවිධානය කරන ලද අතර, ඒ සඳහා රු. 500,000/= ක පිරිවැයක් වැය කරනු ලැබීය.

පරිත්‍යාග වැඩසටහන සමාප්තියේ, භටපිරිස් ප්‍රතිලාභීන් වෙත ප්‍රණීත දිවා භෝජන සංග්‍රහයක් ද පිරිනැමීය. මෙම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, අනුග්‍රාහක භවතුන් සහ සෙසුනිලයන් පිරිසක් ද සහභාගී වූහ.