Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

20th August 2019 11:10:50 Hours

කමාන්ඩෝ රෙජිමේන්තුවේ නව රෙජිමේන්තු අධිපති රාජකාරි අරඹයි

කමාන්ඩෝ රෙජිමේන්තුවේ 14 වන රෙජිමේන්තු අධිපති ලෙස මේජර් ජෙනරාල් ප්‍රදීප් ද සිල්වා ඉකුත් අඟහරුවාදා (20) දින උදෑසන ගනේමුල්ල කමාන්ඩෝ රෙජිමේන්තු මූලස්ථානයේ පැවති කෙටි උත්සවයකදී රාජකාරි අරඹන ලදි.

කමාන්ඩෝ රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති යුද්ධ හමුදාධිපති ධූරයට පත්වීමෙන් අනතුරුව මේජර් ජෙනරාල් ප්‍රදීප් ද සිල්වා සිය ධූරයේ රාජකාරි භාරගනු ලැබීය.

ආගමික වතාවත් මධ්‍යයේ මහා සංඝරත්නයේ ආශිර්වාද ලබාගැනීමෙන් අනතුරුව මේජර් ජෙනරාල් ප්‍රදීප් ද සිල්වා සිය කාර්යාලයේදී සංකේතාත්මක නිල ලේඛණයකට අත්සන් තබමින් සිය ධූරයේ රාජකාරි භාරගත්හ.

මෙම අවස්ථාව සඳහා බටහිර ආරක්‍ෂක සේනා මූලස්ථානයේ බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික නිලධාරි බ්‍රිගේඩියර් උදිත බණ්ඩාර, කමාන්ඩෝ බලසේනාවේ බ්‍රිගේඩියර් අනිල් සමරසිරි, මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් ශ්‍යාමාල් සිල්වා ඇතුළු කමාන්ඩෝ රෙජිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් කිහිපදෙනෙකු සහභාගී වූහ. Running sneakers | [169220C] Stone Island Shadow Project (The North Face Black Box) – Hamilton Brown, Egret