Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

19th September 2017 21:41:06 Hours

කමාන්ඩෝ භටයින්ගේ ප්‍රාණ ඇපකරුවන් මුදවාගැනිමේ නිපුණත්වය දියකාවා යුද හමුදා ක්ෂේත්‍ර අභ්‍යාසයේ දී ප්‍රදර්ශණය කරයි

ජ්‍යෙෂ්ඨ නිලධාරින් කිහිප දෙනෙකු අභිමුවේ කණ්ඩායම් 6 කට බෙදුණු යුද හමුදා කමාන්ඩෝ රෙජිමේන්තු භට පිරිස් 48 දෙනෙකු 19 දින පස්වරුවේ මත්තල මහින්ද රාජපක්ෂ ගුවන් තොටුපලේදී ප්‍රාණ ඇපකරුවන් බේරා ගැනිමේ සහ ප්‍රාණ ඇපයට ගැනිම් වැලැක්විමේහිලා කමාන්ඩෝ භටයින්ගේ වෘත්තිය නිපුණත්වය මැනවින් ප්‍රදර්ශණය කලහ.

ගොඩනැගිල්ලක් තුල ප්‍රාණ ඇපයට රඳවාගෙන සිටින පිරිසක් මුදවාගැනිමේ අභ්‍යාසය මැතකදී ත්‍රිකුණාමලයේ දි නිමාවට පත් වු දියකාවා යුද අභ්‍යාසයේ අතිශය තිරණාත්මක ප්‍රහාරයේ තවත් එක් අංගයක් ලෙස ක්‍රියාත්මක කරන ලදී. මෙහිදි යුද හමුදා කමාන්ඩෝ රෙජිමේන්තුවේ ප්‍රාණ ඇපකරුවන් මුදවා ගැනිමේ හා වැලැක්විමේ (Anti Hijacking & Hostage Rescue Team) භට කණ්ඩායම් වාහන උපයෝගි කරගනිමින් සහ හෙලිකොප්ටර් යානා භාවිතයෙන් (Heli Rappelling) ආරක්ෂිතව ප්‍රාණ ඇපකරුවන් ගලවා ගන්නා අයුරු මෙහිදි සංදර්ශණාත්මකව ක්‍රියාවට නැංවුහ.

ප්‍රාණ ඇපකරුවන් ආරක්ෂිතව මුදවා ගැනිමෙන් අනතුරුව ත්‍රස්තවාදි නායකයින් ජීවග්‍රහණයෙන් අත්අඩංගුවට ගන්නා අයුරුද මෙහිදි ක්‍රියාවට නැංවිණි.

ත්‍රිකුණාමලය ප්‍රදේශයේ අඟහරුවාදා දින කමාන්ඩෝ භටයින්ගේ හැකියාවන් ප්‍රදර්ශණය කරමින් පැවැත්වුණු මෙම ප්‍රාණ ඇපකරුවන් මුදවා ගැනිමේ ක්‍රියාන්විත අභ්‍යාසය දියකාවා ක්ෂේත්‍ර යුද අභ්‍යාසයේ මැතදී නිමාවට පත්වුන අතිශය තිරණාත්මක ප්‍රහාරය සදහා සහභාගිවිමට හා නිරික්ෂණයට පැමිණි විදේශීය නියෝජිතයින් 69 විසින් ද නරඹන ලදි.

දියකාවා - 2017 ක්ෂේත්‍ර යුද්ධ අභ්‍යාසයේ නියෝජ්‍ය අධ්‍යක්ෂක බ්‍රිගේඩියර් නිශාන්ත හේරත් සහ අනෙකුත් නියෝජ්‍ය සහ අතිරේක යුද අභ්‍යාස අධ්‍යක්ෂවරුන්, සේනාංකාධිපතිවරුන් සහ සියළුම බලසේනාධිපතිවරුන් හම්බන්තොට ගුවන් තොටුපල පරිශ්‍රයේ පැවැති මෙම යුද ක්‍රියාන්විත අභ්‍යාසය නැරඹිමට එක්වුහ.

Sports Shoes | シューズ