08th August 2023 23:27:15 Hours
ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත 8 ශ්‍රී ලංකා පාබල හමුදා ඒකකය සහ 2 ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකායේ භටපිරිස් විසින් ඉකුත් අඟහරුවාදා (අගෝස්තු මස 8) දින කඳාන ‘ග්ලෝබල් කෙයාර් ප්‍රොඩක්ට්ස් සමාගමේ’ (Global Care Products Company) හදිසියේ ඇති වූ ගින්නක් පාලනය කිරීම සඳහා සිය සහයෝගය ලබාදුන්හ.
යුද්ධ හමුදා සාමාජිකයින් 70 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක්, ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ගිනි නිවන ඒකකයේ නිලධාරීන් සමඟ එක්ව ගින්න මැඩපැවැත්වීමට සමත් වූ අතර, ගින්නෙන් කර්මාන්ත ශාලවට විශාල හානියක් ද සිදුවී ඇත.
141 පාබල බලසේනාවේ බලසේනාධිපති, 8 ශ්‍රී ලංකා පාබල හමුදාව සහ 2 ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකායේ අණදෙන නිලධාරීන් එම ස්ථානයට පැමිණ භටපිරිස් වෙත අවශ්‍ය උපදෙස් ලබාදුන්හ.
ගින්න පාලනය කරමින් තිබියදී කම්හලෙන් ඇති වූ වායු විමෝචනය හේතුවෙන් පීඩාවට පත් අසල පිහිටි ශාන්ත සෙබස්තියන් විද්‍යාලයේ සිසුන් ප්‍රතිකාර සඳහා රෝහල්ගත කිරීමට ද භටපිරිස් සහාය දක්වන ලදී.