18th August 2023 19:06:02 Hours
කද්දෙයිකාඩු ශාන්ත මරියා දේවස්ථානයේ පසුගිය අඟහරුවාදා (අගෝස්තු මස 15) දින පැවති වාර්ෂික මංගල්‍යය උත්සවය පැවැත්වීම සඳහා 52 පාබල සේනාංකය යටතේ ඇති 522 පාබල බලසේනාවේ භටපිරිස් සිය සහයෝගය ලබා දුන්හ.
මංගල්‍යයට පෙර භටපිරිස් විසින් දේවස්ථාන පරිශ්‍රය පිරිසිදුකර අලංකාර කරන ලද අතර, බැතිමතුන්ගේ ප්‍රයෝජනය සඳහා පානීය ජල පහසුකම් ලබාදී සහ තාවකාලික කූඩාරම්ද ඉදිකරන ලදී.
යුද්ධ හමුදා භටපිරිස් සහ ප්‍රදේශයේ ජනතාව අතර පවතින සුහඳත්වය වැඩිදියුණු කිරීමේ අරමුණින්, ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් එස්.ආර්.කේ හෙට්ටිආරච්චි ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී ගේ උපදෙස් මත සහ 52 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් වයි.ඒ.බී.එම් යහම්පත් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සීගේ සම්බන්ධීකරණයෙන් මෙම ප්‍රජා සත්කාරක වැඩසටහන ක්‍රියාත්මක කරනු ලැබීය.
522 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් එල්.කේ.ටී ප්‍රනාන්දු ආර්එස්පී යූඑස්පී ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ මෙම උත්සව අවස්ථාවට යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසු නිලයින් සහ සිවිල් වැසියන් විශාල පිරිසක්ද සහභාගි වූහ.